අතුරු ආබාධවලින් තොරව රෝග සුවය ලබාගන්න

චීනයේ අවුරුදු 3500 පැරණි ඉතිහාසයක්‌ ඇති චීනකටු වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකාව තුළද බොහෝ ලෙඩ රෝග සඳහා යොදා ගන්නා අයුරුත් දක්‌නට ලැබේ.

චීනයේ පාරම්පරික ෙෙව්‍යවරුන් අතර ප්‍රචලිතව තිබූ චීන කටු වෛද්‍ය ක්‍රමය වඩාත් ප්‍රචලිත වුයේ මාඕසේතුං නිසාවෙනි. එයට හේතුව වුයේ ඔහු විසින් ලේසි වෛද්‍ය ක්‍රමයක්‌ ලෙසට එරට යුධ වාතාවරණය පසුබිම තුළ මෙම වෛද්‍ය ක්‍රමය හඳුන්වා දීමයි.

චීනකටු වෛද්‍ය ක්‍රමය අප රට තුළට ලැබී තිබෙන්නේ මහාචාර්ය ඇන්ටන් ජයසූරීය සමඟ තවත් වෛද්‍යවරුන් වෙත චීන රජයෙන් ලැබුණු ශිෂ්‍යත්වයක්‌ ලෙසට චීන රාජ්‍යයට ඔවුන් ගිය ගමන නිසාවෙන්ය.

හැත්තෑව දශකයේදී මහාචාර්ය ඇන්ටන් ජයසූරිය මැනවින් හදාරා පැමිණි චීනකටු වෛද්‍ය ක්‍රමය බටහිර වෛද්‍යවරු ආයුර්වේද වෛද්‍යවරු මෙන්ම හෝමියෝපති වෛද්‍යවරු හැදෑරීම තුළ චීනකටු වෛද්‍ය ක්‍රමය ලංකාව තුළ ව්‍යාප්තවීමකට ලක්‌ වී තිබේ. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව වාත, පිත කප යන ත්‍රීදොaෂ නිසා මිනිසා රෝගී වෙයි. චීනකටු වෛද්‍ය විද්‍යාව තුළ තිබෙන්නේ යින් සහ යං යන ශක්‌ති ප්‍රභව දෙකකි. චීන සම්ප්‍රදායක වෛද්‍ය ක්‍රමයට අනුව යින් සහ යං ශක්‌ති ප්‍රභව දෙක සම නොවී අසමතුලිත වීම නිසා විවිධ රෝගවලට බදුන්වන බව ඔවුන්ගේ පිළිගැනීමයි.

චීනකටු චිකිත්තාව තුළින් කෙරෙන්නේ රෝගයට සරිලන ලෙසට තෝරාගත් සුදුසු නිල උපයෝගීකර ගනිමින් යින් සහ යං යන ශක්‌ති ප්‍රභව දෙක තුලනය කිරීමය. මෙය සිරුර තුලින්ම සිදුවන ප්‍රතික්‍රියාවක්‌ නිසා යම් පුද්ගලයකුට අහිතකර ප්‍රතිඵලයක්‌ නොමැතිව අතුරු ආබාධවලින් තොරව ප්‍රතිකාර ලබාගත හැකි ක්‍රමයක්‌ ලෙසට හඳුන්වා දීමේ හැකියාව තිබේ. ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවකිරීමට නිර්දේශීත රෝගාබාධ හැර අනිකුත් සියලුම රෝගාබාධ සඳහා විශ්වාසදායි ප්‍රතිඵල ලබාගත හැකි වෛද්‍ය ක්‍රමයක්‌ ලෙසට අද වන විට චීන කටු වෛද්‍ය ක්‍රමය හඳුනාගෙන තිබේ. පුද්ගලයා රෝගී අවස්‌ථාවක මෙන්ම පුද්ගල ස්‌වස්‌තභාවය (නිරෝගීභාවය) ආරක්‍ෂා කර ගැනීමේ ප්‍රයෝගයක්‌ ලෙසට ශරීර ප්‍රතිශක්‌තිකරණය වැඩි දියුණු කර ගැනීම සඳහාත්, රූපලාවන්‍ය පවත්වා ගැනීම, රසායන සහ වාජීකරණ (මහලු පෙනුම අඩුකර ගන්න) අවස්‌ථාවක්‌ සඳහාත් කිසිදු අතුරු ආබාධවලින් තොරව මෙම වෛද්‍ය ක්‍රමය භාවිත කළ හැකිය. අවුරුදු 2 ට ඉහළ සහ වැඩිහිටි මහලු වයස දක්‌වා චීනකටු වෛද්‍ය ක්‍රමය භාවිතා කිරීමේ හැකියාව තිබේ.

චීනකටු වෛද්‍ය ක්‍රමයේ ඇති තවත් විශේෂත්වයක්‌ ලෙසට රුධිර ගත කොලොස්‌ටරෝල් සහ සීනි මට්‌ටම පාලනය කිරීමට මේ තුළ හැකියාව තිබේ.

මෙම වෛද්‍ය ක්‍රමය මගින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට ඉවසීමෙන් සතියක පමණ කාලයක්‌ දිගට ප්‍රතිකාර කළ යුතුය. චීනයේ ප්‍රචලිත වූ චීනකටු වෛද්‍ය ක්‍රමය අද වන විට ඕස්‌ටේ්‍රලියාව, එංගලන්තය, කැනඩාව වැනි බටහිර රටවලද ඉතාම ඉහළ මට්‌ටමක පිළිගැනීමක්‌ තුළ වෛද්‍ය ප්‍රතිකාර සිදු සිදු කෙරෙන බව දැන ගැනීමට තිබේ.

ඒඩ්ස්‌ වැනි රෝග ගැන කතාබහ කිරීමේදී කටු මගින් ප්‍රතිකාර කිරීම පිළිබඳ විශ්වාසය කෙබඳු දැයි මතු වු පැනයට ලැබුණු පිළිතුර වුයේ,

එක රෝගියෙකුගේ කටු කවදාවත් වෙනත් රෝගියකුට භාවිතා වෙන්නේ නැහැ. එක්‌ රෝගියකු වෙනුවෙන් වෙනම නම් කළ බඳුන්වල වෙනම කටු ගබඩාකර තබනවා. ඒ නිසා ලෝකයේ කොතැනකවත් චීනකටු වෛද්‍ය ක්‍රමය හරහා රුධිරය මගින් බෝවන රෝග පැතිරීමකට කිසිම සම්බන්ධයක්‌ ඇති වෙලා නැහැ.

රෝගියකුට වරක්‌ භාවිතා කළ කටු එම රෝගියාට නැවත භාවිතා කිරීමේදී ජිවානුහරණය නිසි පරිදි කිරීමෙන් පසුවයි ප්‍රයෝජනයට ගන්නේ. සැබැවින්ම මෙම වෛද්‍ය ක්‍රමය ඉතාම විශ්වාසදායකවයි සිදු කරන්නේ.

නිල අල්ලා කටු ගැසීම වේදනාකාරීද?

ඉතාම සියුම් කෙස්‌ ගහක තරම කටු තමයි භාවිත කරන්නේ. රෝගියාට කිසිදු වේදනාවක්‌ ඇති වන්නේ නැහැ. චීනකටු වෛද්‍ය විද්‍යාව නිවැරදිව හැදෑරූ වෛද්‍යවරයකු අතින් කිසිම විටෙක කටු ගැසීමේදී රෝගියාට වේදනාවක්‌ ඇති වන්නේ නැහැ.

චීනකටු ප්‍රතිකාරය මගින් ප්‍රධානකොටම සුවකර ගත හැකි රෝග ගැන කියනවා නම්, ඉරුවාරදය, තදබල කොන්දේ වේදනාව, ආතරයිටීස්‌ (සන්ධි අමාරු) චර්ම රෝග, කුරුලෑ, උරහිස වේදනාව, නහර ගැට ගැසීම, අංශභාගය, අධික තරබාරුව, අධික රුධිර පීඩනය, අධික ලෙස හිසකෙස්‌ ගැළවී යැම යන රෝග සමඟ තවත් රෝග බොහෝමයකට චීනකටු, ප්‍රතිකාර තිබෙනවා.

චීනකටු වෛද්‍ය ක්‍රමය පිළිගන්නා වෛද්‍ය ක්‍රමයක්‌ බවට දැනගන්නේ කොහොමද?

චීනකටු වෛද්‍ය ක්‍රමය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මගින් පිළිගන්නා ලද ප්‍රතිකාර ක්‍රමයක්‌.

චීනකටු වෛද්‍ය ක්‍රමය හැදෑරීමේ සුදුසුකම් මොනවාද?

චීනකටු වෛද්‍ය ක්‍රමය රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන්ට සහ රජයේ අනුමත වෛද්‍ය විද්‍යාලයක වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හැර වෙනත් කිසිම අයකුට හැදෑරීම කළ නොහැකියි. ඒත් අද වන විට මෙවැනි සුදුසුකම් නොමැතිව පෞද්ගලික පන්ති මගින් චීනකටු වෛද්‍ය විද්‍යාව හදාරන පිරිසක්‌ සිටින බව ඇතැම් තැන්වලදී අසන්නට ලැබෙනවා. ඒ කොහොම වුණත් වෛද්‍යවරු පිළිබඳ නිවැරදිව දැනගෙන ප්‍රතිකාරයට යොමුවීම රෝගියා සතු වගකීමක්‌.

වැල්ලවත්තේ පිsහිටි මහාචාර්ය ඇන්ටන් ජයසූරිය අනුස්‌මරණ රෝහල තුළදී සතියේ දින සඳුදා සිට සෙනසුරාදා දක්‌වා උදේ සහ හවස සම්පූර්ණයෙන්ම නොමිලයේ චීනකටු ප්‍රතිකාර සිදු කරන අතර ඔබටත් ඔබගේ වේදනාකාරී රෝගයට සුවයක්‌ ලබාගැනීම වෙනුවෙන් නොමිලේ ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව තිබේ.

වෛද්‍ය
අමිලා කේ. ජයසිංහ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.