ප්‍රජනක ශක්‌තිය උත්තේජනය
කිරීමේ හැකියාව සුදුලූනුවල තිබේ


පිළිකා වැළැක්‌වීමට ගුණදායකය

සුදුළුEනුවල ගුණ වෙන කවරදාටත් වඩා අසන්නට ලැබෙන තත්ත්වයක්‌ තිබෙන්නේ නූතනයේ මිනිසුන් බහුලව රෝග පීඩාදියට ගොදුරුව සිටින නිසාවෙන් බව පෙනේ. එයට හේතුව සුදුලූනු රෝග බොහොමයකට ගුණදෙන ඖෂධයක්‌ ලෙසින් හඳුනාගෙන තිබීමයි.

ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ අවස්‌ථාවල සුළු අසනීප තත්ත්වවලදී සුදුලූනු තම්බා බීම මෙන්ම පුළුස්‌සා කෑම අදටත් දක්‌නට ලැබේ.

සුදුලූනුවල දරු ගැබක්‌ ආරක්‌ෂා කිරීමේ මෙන්ම දරු සම්පත් ලබාදීමේ හැකියාව තිබෙන බව පුරාණ ආයුර්වේද පොත පතෙහි සඳහන්ව තිබේ. එයට හේතුව සුදුලූනුවල පුරුෂ ශුක්‍රාණු සහ ස්‌ත්‍රීන්ගේ ඩිම්බ නිපදවීම උත්තේජනය කිරීමේ හැකියාවක්‌ තිබීමයි.

තවද බොහෝ රෝග සමනයට සුදුලූනුqවල බලයක්‌ තිබෙන බවද ආහාර රස ගන්වන රස කාරකයක්‌ ලෙසද සුදුලූනු භාවිතයට ගෙන ඇත්තේ අදින් වසර ගණනාවකට පෙර සිටය.

සෙම් රෝග සහ වාත රෝගවලට ගුණදායක වන සුදුලූනු ආයුෂ වර්ධනය කරන දිව ඔසුවක්‌ ලෙසට ආයුර්වේදයේ හඳුන්වාදී තිබේ.

තවද ශරීරයේ ඉදිමුම් අවස්‌ථා සඳහා ගුණදායකය. දැස්‌ පෙනුම දියුණු කරයි. මොළය වර්ධනයට හේතුවේ. ආහාර ජීර්ණය මැනවින් සිදුකරන අතරම හෘදය උත්තේජනය කරයි. හොඳින් මුත්‍රා පිටකිරීමට උපකාරී වේ. පණු රෝගවලට ඉතා ගුණය. සන්දි රෝග පාලනය කරයි. ස්‌නායු ආබාධ අවස්‌ථාවලට ගුණදායකය. විෂබීජ නාශනය කිරීමේ හැකියාව ඇත. කැස්‌ස, සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු ශ්වසන ආබාධ මැඩ පවත්වයි. ආහාරවල ඇති බැර ලෝහ (විෂ පදාර්ථ) සිරුරට අවශෝෂණය කර ගැනීම වළක්‌වයි. හෘදරෝග වළක්‌වන අතර පිළිකා සෑදීම වළක්‌වයි. අධික තරබාරුව පාලනය කරයි.

කෙතරම් ගුණදායක වුවත් එය ආහාරයට ගත යුතු වන්නේ පාලනයකින් යුතුවය. පාලනයකින්a තොරව සුදුලූනු ආහාරයට ගැනීමේදී ඇතැම් අයට බඩේ දැවිල්ලක්‌ ඇති විය හැක. එහිදී දිනපතා ආහාර වේලට සුදුලූනුq බික්‌ දෙක තුනක්‌ පමණ එක්‌කර ගැනීමට වගබලා ගැනීම යෝග්‍යය.

සුදුලූනු ගිතෙලෙන් බැද මී පැණිවල ගිල්වා තබා දිනකට බික්‌ දෙකක්‌ පමණ ආහාරයට ගැනීමෙන් රුධිර ගත මේදය පාලනය වන අතර රුධිර කැටි ගැසීම වළක්‌වා ගත හැකි වේ.

වයස්‌ගත වන විට ඇතිවන මහලු පෙනුම අඩුකර තරුණ බව රැකගත හැකි මහඟු ඖෂධීය ගුණයක්‌ සුදුළුEනුවල තිබේ.

සුදුලූනු වල විටමින් B1 B3 B5 B6 විටමින් A C E විශේෂයන් තිබේ. ඛනිජ ලවන, සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම්, යකඩ, පොස්‌පරස්‌, සින්ක්‌ යන පදාර්ථ සුදුලූනුවල හොඳින් අඩංගුව තිබේ.

සුදුලූනු වල ඇලිල් නම් රසායනික සංඝටකය අඩංගු බැවින් එයින් රුධිර ගත මේද අඩුකිරීමට උපකාරී වීම තුළ හෘදයාබාධ ඇතිවීම වළක්‌වයි. දියවැඩියා රෝගීන්ටද මහඟු ඖෂධයකි.

ආයුර්වේද වෛද්‍ය
චූලා විඡේරත්න
B,A,M,S, (කොළඹ විශ්වවිද්‍යාලය)

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.