කෘෂි රසායන ආහාරපාන මහත්වීම වැඩි කරයි

එප්පාවල - රත්න බී ඒකනායක

වර්තමාන මානව සමාජයේ ස්‌ථුලභාවය සහ බර අස්‌වාභාවික ලෙස වැඩිවෙමින් පවතී. 1990 දී මහත සහ බර වැඩි මිනිසුන්ගේ සංඛ්‍යාව ජනගහනයෙන් 10% ක්‌ විය. 2015 වනවිට ජනගහනයෙන් 50% කගේ බර සහ මහත වැඩිවී තිබේ. 2020 වනවිට මේ තත්ත්වය 60% දක්‌වා ඉහළ නගී. මීට සමීපතම හේතු සාධකය වී ඇත්තේ කෘෂිරසායන මුසු ආහාරපාන රටාව බව වකුගඩු රෝග පර්යේෂක රජරට වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

විශේෂයෙන් "ග්ලයිපොසේට්‌" වල් නාශකය භාවිත කිරීම හේතුවෙන් දරුවන් තුළ මානසික විකෘතිතාවක්‌ ඇති වේ. 1970 දී ග්ලයිපොසේට්‌ භාවිතය නිසා ළමුන් දසදහසකින් එක්‌ අයෙකුට ද 2013 දී ළමුන් 50 කින් එක්‌ අයෙකුට ද මානසික විකෘතිභාවය පැවැති අතර 2025 වනවිට ළමුන් දෙදෙනකුගෙන් එක්‌ අයෙකුට මානසික විකෘතිභාවය ඇති විය හැකි බව ඔහු සඳහන් කරයි. මේ නිසා අපේ රටේ නිරෝගී ජනතාවක්‌ ප්‍රාර්ථනා කිරීමට නම් කෘෂි රසායන භාවිතය සපුරා ඉවත් කළ යුතු යෑයි චන්න ජයසුමන මහතා අවධාරණය කරයි.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.