දැන් රට වඩා බලාපොරොත්තු සහගතයි
අගමැති රනිල් වික්‍රමසිංහ

හතරවැනි වරටත් ශ්‍රී ලංකාවේ අගමැති ලෙස පත්වී සිටින එක්‌සත් ජාතික පක්‍ෂ නායක 67 වියෑති රනිල් වික්‍රමසිංහ අතිශය තීරණාත්මක හැරවුම් ලCෂ්‍යයක සිට තරගකාරී දේශපාලන ව්‍යාපෘතියක නිරත පතාක යෝධයෙකි. වික්‍රමසිංහ මහතා ඔහුගේ දේශපාලන ප්‍රතිවාදියා වන මෛත්‍රිපාල සිරිසේනට සහයෝගය දක්‌වන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සුළුතර පාර්ලිමේන්තු කණ්‌ඩායමක්‌ සහ ඔහු නායකත්වය දරන එක්‌සත් ජාතික පක්‍ෂයේ බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායමක්‌ සමඟ අසාමාන්‍ය දේශපාලන එකතුවක්‌ තුළින් බිහිකර ගත්තා වූ ජාතික ආණ්‌ඩුවක නායකත්වය දරයි. යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳව දෙමළ ජාතික සන්ධානය සුබවාදී දැක්‌මක්‌ ඇතිකර ගෙන තිබෙන අතර සිංහල ජාතිවාදී බලවේග මහින්ද රාජපක්‍ෂ වටා එකතු වීමට උත්සාහ දරයි. ඉන්දියාවේ පළවන "ද හින්දු" පුවත්පතට කොළඹ අරලියගහ මන්දිරයේදී සම්මුඛ සාකච්ඡාවක්‌ ලබා දෙන අගමැති රනිල් වික්‍රමසිංහ අධිෂ්ඨානශීලීව මේ සියලු ගැටලුවලට පිළිතුරු දුන්නේ මෙසේය.

පරිවර්තනය - සුනිල් චන්ද්‍රසිරි

ප්‍රශ්නය - අගමැතිතුමනි, 2015 වසරේ සිදු වූ විශාල පෙරළියෙන් පසුව ශ්‍රී ලංකාවේ සමස්‌ත දේශපාලන වාතාවරණය ස්‌ථාවර වී ඇති බව පෙනී යනවා. 2015 දී මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වීමෙන් සහ ඔබගේ පාර්ලිමේන්තු ජයග්‍රහණයෙන් පසුව ප්‍රගතියක්‌ මෙන්ම පැටලිලි සහගත බවක්‌ දක්‌නට ලැබෙනවා. මෙම වෙනස ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර - 2015 අගෝස්‌තු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව අප ජාතික රජයක්‌ පිහිටුවා ගත්තා. අප එය ස්‌ථාවර වීමට කාලයක්‌ ලබා දුන්නා. මම හිතනවා දැන් එය ස්‌ථාවර ආණ්‌ඩුවක්‌ කියලා. අප අලුත් ප්‍රතිපත්ති රාමුවක්‌ පිළියෙල කළා. අප විශාල ණය බරකින් සිටියා. ශ්‍රී ලංකාවට අවාසි සහගත ප්‍රචාර පැවතුණා. මිනිස්‌ අයිතිවාසිකම් පිළිබඳ ලොකු ගැටලුවක්‌ තිබුණා. ඒවා සියල්ලම දැන් විසඳිලා. අප ස්‌ථාවරත්වය ඇතිකර මාර්ගය එළි පෙහෙළි කළා. දැන් මේ අවුරුද්දෙ අපට තියෙන්නේ අපේ පොරොන්දු ඉටුකරන්න.

2017-18 යනු අප අත්කර ගත් ජයග්‍රහණයන් ස්‌ථාවර කර ගැනීමට වෙර දරන දෙවර්ෂයයි.

ප්‍රශ්නය - ආර්ථිකය කොහොමද? සිදුකර ඇත්තේ කුමක්‌ද, එය ජයග්‍රහණයක්‌ද?

පිළිතුර - ඔව්, සත්තකින්ම. අප සර්ව ආර්ථික ස්‌ථායීකරණ සැලැස්‌මක්‌ ක්‍රියාත්මක කර තිබෙනවා. අප දැන් ආදායම් එකතු කර ගැනීමේ වර්ධනයක්‌ දකිනවා. එය දැනට තිබෙන්නේ දළ දේශීය නිෂ්පාදනයෙන් 10% - 11% ප්‍රතිශතයක. අපගේ නිල කාලය අවසන් වන විට එය අපගේ දළ දේශීය නිෂ්පාදනයෙන් 15% මට්‌ටමක පවතීවි කියා අප බලාපොරොත්තු වෙනවා. එවිට අපට දැනට වඩා ඉහළ මට්‌ටමකට ළඟා විය හැකියි. අප උත්සාහ කරන්නේ කළු සල්ලි නිසි ආකාරයට ආර්ථික ක්‍රියාවලිය තුළට අද්දවා ගැනීමටයි. දැනට ලබාදී ඇති බදු විරාමයන් අදියර කිහිපයකට ගොනු කිරීමට අප උත්සාහ කරනවා. 2020 දී අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% මට්‌ටමකට ගෙන ඒමට අප උත්සාහ කරනවා. එය ආදායම් උපයා ගැනීම සහ මහජන මුදල් පරිහරණය පිළිබඳ ගැටලුවක්‌.

ප්‍රශ්නය - ඔබ නව ව්‍යවස්‌ථාවක්‌ සකසමින් සිටිනවා. එය ව්‍යවස්‌ථා සම්පාදන සභාවක්‌ නොව 1978 ව්‍යවස්‌ථාවෙන් බැඳුණු ව්‍යවස්‌ථාපිත සභාවක්‌.

පිළිතුර - අප පාර්ලිමේන්තුවේ අධිකාරියට කිසිලෙසකින් හෝ අභියෝග කරන්නේ නැත. නමුත් පාර්ලිමේන්තුවේ අප සියලු දෙනා ව්‍යවස්‌ථා සම්පාදනය කෙරෙහි අවධානය යොමු කරන ව්‍යවස්‌ථා සම්පාදක කමිටුවක්‌ බවට පත්වී තිබෙනවා. අප පත්කළ පාලන කමිටුව අතුරු වාර්තාවක්‌ භාරදෙනු ඇත. එම අතුරු වාර්තාව ව්‍යවස්‌ථා සම්පාදන මණ්‌ඩලය විසින් විවාදයට ගනු ඇත. අවසාන කෙටුම්පත ව්‍යවස්‌ථා සම්පාදන මණ්‌ඩලයේ අනුමැතියෙන් පසු පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ඇත.

ප්‍රශ්නය - එහි ප්‍රගතිය කෙසේද? කාලවකවානු ආදිය.

පිළිතුර - අතුරු කමිටු වාර්තා 06 ක්‌ නිකුත් වී ඇත. අප පත්කළ පාලන කමිටුව දැන් ඉතා වැදගත් කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් සිටී. රාජ්‍යයේ ස්‌වභාවය, ආගම, විධායක බලය පාවිච්චි කිරීම, ව්‍යවස්‌ථාදායකය. අධිකරණ බලය, විධායක ජනපති බලය ආදිය මෙම පාලන කමිටුව අවධානය යොමු කරන කාරණා කිහිපයක්‌.

මෙම කමිටු 6 හි වාර්තා පිළිබඳ විවාදය අවසන් වූ වහාම ජනවාරි මුල් සතිය වන විට පාලන කමිටු වාර්තාව ව්‍යවස්‌ථා සම්පාදන මණ්‌ඩලය වෙත ඉදිරිපත් කරනු ඇත. ඊළඟට ව්‍යවස්‌ථාවේ ස්‌වභාවය පිළිබඳ වැදගත්ම විවාදය සිදු කෙරෙනු ඇත. ඊළඟට එය පාර්ලිමේන්තුවේ අනුමැතියට යා යුතු අතර 2/3 බහුතරයකින් අනුමත වීමෙන් අනතුරුව ජනමත විචාරණයකට යා යුතුයි.

ප්‍රශ්නය - එතකොට දෙමළ දේශපාලන පක්‍ෂවල ආකල්ප?

පිළිතුර - ඔවුන් පුළුල් ආකාරයකින් බලන බව මා කිව යුතුයි. ඔවුන් සහභාගිවෙනවා. බොහෝ සුබවාදීව කටයුතු කරනවා. 1987 දක්‌වා ක්‍රියාකාරීව පැවැති කණ්‌ඩායමක මාත් ඔවුන් සමග හිටියා. කිසිවකුට බහුතරයක්‌ නොමැති පක්‍ෂ සමඟ එකතු වී ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කර ගන්න පළමු වතාවට අප උත්සාහ කරනවා. 2/3 බහුතරය ගැන කුමක්‌ කියන්නද? එක්‌ අතකට එවැනි තත්ත්වයක්‌ හොඳයි. එතකොට අපි හැමෝටම පොදු එකඟතාවකට පැමිණිය හැකියි.

ප්‍රශ්නය - ඉන්දියාවෙන් පටන්ගෙන ජාත්‍යන්තරය ගැන යමක්‌ සඳහන් කළොත්?

පිළිතුර - ඉන්දියාව සමග බොහෝ දේවල් විස¹ ගනිමින් පවතිනවා. ආර්ථික සහ තාක්‍ෂණ සහයෝගිතා ගිවිසුමට එළඹීමට උත්සාහ දරනවා. දෙපාර්ශවය අතර හොඳ හිත වර්ධනය වී තිබෙනවා. ධීවර ගැටලුව විස¹ ගත යුතුව තිබෙනවා.

ප්‍රශ්නය - ඉන්දු ලංකා සබඳතා වරෙක ඉතා හොඳ තත්ත්වයක තිබුණා. මෙම සබඳතා වෙනස්‌ වේද? අඛණ්‌ඩව පවතීද?

පිළිතුර - අඛණ්‌ඩව පවතීවි

ප්‍රශ්නය - ඉන්දියාව සමඟ විස¹ගත යුතුව ඇති ප්‍රධාන ප්‍රශ්නය ධීවර ගැටලුවද?

පිළිතුර - ඔව් ධීවර ගැටලුවයි. අප එය නිරාකරණය කරගත යුතුයි. එය පැවතීමට ඉඩ හැරිය යුතු නැහැ. උතුරේ ධීවරයන් පිළිබඳව මට කනගාටුයි. ඔවුන් කියන්නේ දැන් අප අපගේ මුහුදේ ධීවර කටයුතු කරමු යන්නයි.

ප්‍රශ්නය - එට්‌කා ගිවිසුමට ආපසු ගියහොත් ඔබට මෙය අත්සන් කරන්න අවශ්‍ය වූයේ 2016 අගදී. ආර්ථිකය පිළිබඳ ඔබගේ ඉදිරි දැක්‌ම සමග මෙය බද්ධ වන්නේ කෙසේද? ඉන්දියාව සඳහන් කරන ආකාරයට 2017 මැද වන තෙක්‌ මෙය අත්සන් කිරීමට නොහැකියි. කොළඹ සහ නවදිල්ලිය අතර සාකච්ඡා වල යම් නොගැලපෙන තැන් තිබෙනවාද?

පිළිතුර - එවැනි එකඟවීමට නොහැකි අංශ පිළිබඳ ගැටලු නැහැ. අප සහ ඔවුන් ඒවා පියවරෙන් පියවරට සාකච්ඡා කරනවා. අප එය 2016 අත්සන් කිරීමට බලාපොරොත්තු වූවා. නමුත් 2017 දී අත්සන් කිරීමට අවස්‌ථාව තිබෙනවා. එය වඩා හොඳයි. ඊට හේතුව චීනය සහ සිංගප්පුරුව සමඟ නිදහස්‌ වෙළෙඳ ගිවිසුම් 2017 මුල් භාගයේ අත්සන් කරන නිසයි. අප යුරෝපා කොමිසමේ රටවලට භාණ්‌ඩ අපනයන ජී. එස්‌. පී. සහන පහසුකම යළි ලබාගන්නවා. ඉන්දියානු ගිවිසුමත් අපට ඉක්‌මනින් අවශ්‍යයි. ඊට හේතුව ඉන්දියානු වෙළෙඳ ගිවිසුම මගින් වෙළෙ¹ම සහ ආයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ සිංගප්පුරුව යන රටවල් ඒකාබද්ධ කරනවා. අප සිටින්නේ බෙංගාල බොක්‌කේ ඉතා වැදගත් නාවික පිවිසුම් මාර්ගයකයි. ඒ අවට කලාපයේ පිහිටි රටවල් විදියට අපට මීට වඩා සමීපව ආර්ථික කටයුතුවල යෙදිය හැකියි. ඉන්දියාවේ දකුණින් පිහිටි තමිල්නාඩු, කර්නාටක, ආන්ද්‍රd ප්‍රදේශ්, තෙලන්ගානා කේරළ යන ප්‍රාන්ත සහ ශ්‍රී ලංකාව වාර්ෂිකව ඩොලර් බිලියන 500 ක ආදායමක්‌ උපයන අතර එය වසර 10 ක්‌ ඇතුළත ඇමරිකානු ඩොලර් ටි්‍රලියනයක ආර්ථිකයක්‌ දක්‌වා වර්ධනය කරගත හැකියි. එහි විභවය අති විශාලයි. ඉන්දියානු ගිවිසුමට ඉක්‌මනින් එළඹෙන්න අවශ්‍ය ඒ හේතුව නිසයි. ඒ වගේම චීනය සහ සිංගප්පුරුව ඔවුන්ගේ "එක්‌ තීරයක්‌ එක්‌ මගක්‌" වශයෙන් නම් කර ඇති වැඩපිළිවෙළට දායක වීමටත් ඉන්දියාව සමග අත්සන් කරන මෙම ගිවිසුම ඉතාම වැදගත්.

ප්‍රශ්නය - බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් නික්‌ම යැම ශ්‍රී ලංකාවට හිතකර හෝ අහිතකර ලෙස බලපානවද?

පිළිතුර - අපට වාසිදායක නැහැ. එහි යම් ආර්ථික අර්බුදයක්‌ ඇති වුවහොත් අපගේ අපනයනවලට බලපෑමක්‌ ඇතිවන හෙයින් කණස්‌සල්ලක්‌ තියෙනවා. බ්‍රිතාන්‍ය ඔවුනට වුවමනා විසදුමකට යා යුතුයි. නමුත් එය දුෂ්කර හෝ සුන්දර නික්‌ම යැමක්‌ ද යන්න ඔවුනට තවම පැහැදිලි නැහැ.

ඊළඟට ඔවුනට පොදු රාජ්‍ය මණ්‌ඩලය සමග ආර්ථික සබඳතා යළි ඇතිකර ගැනීමට නම් යම් සැලැස්‌මක්‌ සමග පැමිණිය යුතුයි. මක්‌නිසාද එක්‌සත් රාජධානිය හැරුන විට රටවල් විශාල සංඛ්‍යාවක්‌ ඉන්දියන් සාගරය අවට ඉන්නවා.

ප්‍රශ්නය - ඩොනල්ඩ් ට්‍රම්ප් රාජකාරි කටයුතු භාරගත් පසුව අපගේ කලාපය ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්‌ද?

පිළිතුර - ඔහුට නව්‍ය මුහුණුවරක්‌ තිබෙනවා. ඔහු ප්‍රමුඛතාවන් යළි හඳුනා ගනීවි. ඔහුගේ කැබිනට්‌ මණ්‌ඩලයට දැනට නම් කර ඇති අය හොඳ තෝරා ගැනීම්. ඔවුන් දක්‍ෂිණාශිකයො. ඔහුත් දක්‍ෂිණාංශික ජනප්‍රිය න්‍යාය පත්‍රයක්‌ සහිත අයෙක්‌. අපි බලා සිටිමු ඔහුගේ ක්‍රියාපිළිවෙත ක්‍රමය සහ කරන්නේ කෙසේද කියා.

ප්‍රශ්නය - චීනය සමග ශ්‍රී ලංකාවේ සබඳතා හොඳින් කෙරෙනවා.

පිළිතුර - ඔව් එය ඉදිරියට යනවා.

ප්‍රශ්නය - වෙනසක්‌ ඇතිවේද?

පිළිතුර - වෙනසක්‌ නැහැ. අපි සාකච්ඡා කළා. විස¹ගත යුතු කරුණු තියෙනවා. අප "පෝර්ට්‌ සිටි" ව්‍යාපෘතිය තාවකාලිකව නතර කළේ එය රටේ නීතිය සමග අනුගත වී ඇත්ද පිළිබඳව සොයා බැලීමටයි. එය දැන් කෙරෙමින් පවතිනවා. මෙම ඉඩම අපගේ මූල්‍ය නගරය ඉදිකිරීමට වඩාත් යෝග්‍ය බව හඳුනා ගත්තා.

හම්බන්තොට සම්බන්ධව ගතහොත් අපගේ ණය මුදල් අයිතියට හිලව් කිරීමේ සහ කාර්මීකරණය කිරීමේ සාකච්ඡා පටන් ගත්තා. ඊළඟට ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීම ලෝක ප්‍රකට සිංගප්පුරුවේ සර්බනා ජොරොංග් නගර සංවර්ධන ආයතනය මගින් සැලසුම් කරමින් පවතිනවා. ඉන්දියාවටත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම අවශ්‍ය බව දැනුම් දී තිබෙනවා. එය හොඳයි. සමහර විට ජපානයත් එයි. ඉන්දියාවේ ආරක්‍ෂාව පිළිබඳ කාරණය, ආර්ථික බලවතෙක්‌ වශයෙන් චීනය නැගී සිටීම හමුවේ අප සැලකිල්ලට ගත යුතු වෙනවා. අපට සමපාත කළ හැකි වැදගත් කාරණා මේවායි. ජපානය අතීතයේ සිටම අපගේ සහායට සිටියා.

ප්‍රශ්නය - ශ්‍රී ලංකාවේ මහ බැංකුව පිළිබඳ ව්‍යාකූලතා පවතිනවා. ඒ පිළිබඳව ඔබගේ උනන්දුව කෙසේද?

පිළිතුර - මා තමයි පළමුව අභ්‍යන්තර විගණනයක්‌ අවශ්‍ය යෑයි කීවේ. මා එය පාර්ලිමේන්තුවට ලබා දුන්නා. පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට භාර දුන්නා. එහි සභාපති ජනතා විමුක්‌ති පෙරමුණේ. අප ඔහුට සහාය ලබා දුන්නා. ඔවුන් නිර්දේශ ලබාදී තිබෙනවා. ඒවා ඒකමතිකයි. නමුත් මේවායේ තාර්කිකභාවය හෙවත් හේතු සහගතභාවය පිළිබඳ විවිධ අදහස්‌ පවතිනවා. එයින් පෙනෙන්නේ අප පාර්ලිමේන්තු සම්ප්‍රදාය රකින බවයි. එම වාර්තාව දැන් නීතිපතිතුමාට භාරදී තිබෙනවා. එය දැන් මගේ සීමාවෙන් පරිබාහිරවයි පවතින්නේ.

ප්‍රශ්නය - දැන් පවතින තත්ත්වයත්, ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර පැවති තත්ත්වයත් අතර කැපී පෙනෙන වෙනසක්‌ ඔබ දකිනවාද?

පිළිතුර - ඇත්තටම වෙනස්‌. දැන් රට වඩා බලාපොරොත්තු සහගතයි.

ප්‍රශ්නය - ඔබ රාජ්‍ය බලයේ බොහෝ කල් ඉඳලා තියෙනවා, විපක්‌ෂයෙත් ඉඳලා තියෙනවා. ගුණාත්මක අතින් බලන විට දැන් තත්ත්වය අලුත්ද?

පිළිතුර - 1977 පසුව එය ගුණාත්මකව අලුත්. ඊට හේතුව ආසියාවේ බොහෝ රටවල් ද ඒ ආකාරයෙන් සිතු නිසයි. 1977 න් පටන් ගත් අපි එකල සුවිශේෂී වුණා. ඉන්දියාව සහ චීනය පසුව ඒ පාරේ ආවා. අප අලුත්වැඩපිළිවෙළවල් පිළිබඳව සිතනවා. බෙංගාල බොක්‌ක අවට වාසය කරන රටවල් සහ ප්‍රාන්ත අතර ආර්ථික සහයෝගය ශක්‌තිමත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඉන්දියාව සමග සාකච්ඡා කරනවා. බෙංගාල බොක්‌ක අවට ඉන්දීය ප්‍රාන්තවල සහ රටවල ජනගහනය යුරෝපීය සංගමයේ ජනගහනය මෙන් දෙගුණයක්‌. වර්ධන අවස්‌ථා බොහෝ ඉහළයි.

ප්‍රශ්නය - ඔබ මේ පිළිබඳව කලක පටන් සිතාගෙන ඉඳලා තියෙනවා.

පිළිතුර - ඔව්. ඒක නිසා තමයි මා කියන්නේ මේ ඉන්දියානු වෙළෙඳ ගිවිසුම ඉක්‌මනින් අවශ්‍යයි කියලා. පළමුව ඉන්දියානු වෙළෙඳ ගිවිසුම සමග සිංගප්පුරු නිදහස්‌ වෙළෙඳ ගිවිසුම. ඊළඟට ඉන්දියානු ප්‍රාන්ත 05 සමග ශ්‍රී ලංකාවට ප්‍රබල වෙළෙඳ හවුලක්‌ ඇති කළ හැකියි.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.