සිම්බාබ්වේ රජය ණය ගෙවා ගැනීමට
නොහැකිව වන සතුන් අලෙවි කරයි

ජනපති බිරියත් ජාවාරමට හවුල්

සිම්බාබ්වේ රජය ණය ගෙවාගත නොහැකිව චීනයට වනසතුන් රැසක්‌ අලෙවි කර ඇත. අලි 35 ක්‌ සිංහයන් 8 ක්‌ හයිනා සතුන් 12 ක්‌ සහ ජිරාප් සත්ත්වයෙක්‌ රැගත් ගුවන්යානා කීපයක්‌ චීනයට යෑවු බව සිම්බාබ්වේ රජය පිළිගෙන තිබේ.

චීනයට එක්‌ අලියකු ඩොලර් 40000 ක මුදලකට අලෙවි කර ඇත.

සිම්බාබ්වේ වනසත්වාරක්‍ෂක කාර්ය සාධක බලකායේ ප්‍රධානී ජෝනි රොඩ්ඊගුස්‌ පැවසූවේ වනසතුන් චීනයට අලෙවි කිරීම ඉතා රහසිගතව ක්‍රියාත්මක වී ඇති බවයි.

අලි පැටව් ඇතින්නගෙන් වෙන් කිරීම නීති විරෝධී ක්‍රියාවක්‌, මේ ජාවාරම සිදු වන්නේ කෙසේදැයි කිසිවෙක්‌ දන්නේ නැහැ යෑයි ඔහු කියා සිටියේය.

එහෙත් නිල නොවන ආරංචි මාර්ග පැවසුවේ සිම්බාබ්වේ ජනාධිපති රොබට්‌ මුගාබේගේ බිරිය ග්‍රේස්‌ මුගාබේ එම ජාවාරමට සම්බන්ධ බවයි.

සිම්බාබ්වේ රාජ්‍යයේ අලි ඇතුන් සංඛ්‍යාව දඩයක්‌කරුවන් නිසා බරපතල ලෙස අඩු වී ඇත.
 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.