බ්‍රිතාන්‍ය ජාතිකයෝ 35000 ක්‌ මෝටර් රථවල දෝෂ නිසා වොක්‌ස්‌වැගන් සමාගමෙන් වන්දි ඉල්ලති

බ්‍රිතාන්‍යයේ වොක්‌ස්‌වැගන් මෝටර් රථ හිමියන් 35000 කට අධික පිරිසක්‌ තම මෝටර් රථවල දෝෂ සම්බන්ධයෙන් සටර්ලින් පවුම් මිලියන ගණනක වන්දියක්‌ වොක්‌ස්‌වැගන් සමාගමෙන් ඉල්ලා ඇත.

මෙම වන්දි මුදල් ලබාගැනීම සඳහා ඔවුන් හාර්කුස්‌ සින්ක්‌ලේහාරි නැමැති නීති සමාගම වෙත ඉදිරිපත් වී තිබේ.

එක්‌ මෝටර් රියකට ස්‌ටර්ලින් පවුම් 3000 බැගින් වන්දියක්‌ ඔවුන් ඉල්ලා ඇත.

වායු දූෂණ වැලැක්‌වීමේ උපාංග වොක්‌ස්‌වගන් මෝටර් රථවල ඇති බව පැවසුවත් එවන් උපාංග නැති බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.