රුසියානු තානාපති නිලධාරියෙක්‌ ග්‍රීසියේ
මහල් නිවසකදී අභිරහස්‌ ලෙස මියයයි


ග්‍රීසියේ ඇතැන්ස්‌ නුවර වාසය කළ ජ්‍යෙෂ්ඨ රුසියානු තානාපතිවරයෙක්‌ අභිරහස්‌ ලෙස මියගොස්‌ ඇත.

ඇන්බ්රු මාලනික්‌ නැමැති රුසියානු කොන්සල්වරයා සිය නිදන කාමරයේ ඇඳමත මියගොස්‌ සිටියදී කාර්ය මණ්‌ඩලය විසින් සොයාගෙන තිබේ.

ඔහුගේ මරණය සියදිවි නසා ගැනීමක්‌ද එසේත් නැත්නම් ඝාතනයක්‌ද යන්න ගැන පරීක්‍ෂණ පවත්වන බව ග්‍රීක්‌ පොලිසිය කියයි.ග්‍රීක්‌ ජනාධිපති හා අගමැති ජීවත්වන ප්‍රදේශයේ මහල් නිවසක විසූ රුසියානු තානාපතිවරයාගේ නිවසට යම්කිසිවෙකු ඇතුළු වී ඇති බවට සළකුණු නැතැයි පොලිස්‌ ප්‍රකාශකයෙක්‌ පැවසීය

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.