ත්‍රී'මලේ බුදු පිළිම කැඩීම ගැන
හමුදා බුද්ධි අංශ පරීක්‌ෂණ


චතුර පමුණුව

ත්‍රිකුණාමලයේ බුදු පිළිම හතරක්‌ කඩා අලාභ හානි කර කළුතෙල් ගැසීම ගැන හමුදා බුද්ධි අංශය මඟින් වෙනම පරීක්‌ෂණයක්‌ ආරම්භ කර ඇත.

එක්‌ බුදු පිළිමයකට ප්‍රහාර එල්ල කිරීම සඳහා යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකුගේ වීඩියෝවක්‌ අසල සීසීටීවී කැමරාවක සටහන් වී තිබේ.

මෙම පුද්ගලයන් දෙදෙනා පැමිණ ඇත්තේ සෙනසුරාදා (7 දා) අලුයම 2.30 ට පමණ බව එම කැමරාවේ සටහන්ව ඇතත් ඔවුන්ගේ යතුරුපැදියේ අංකය පැහැදිලිව පෙනෙන්නේ නැත.

ඉකුත් ඉරිදා ගුවනින් මොරවැවට පැමිණි ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානී එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාද අලාහානි කළ බුදු පිළිම විමර්ශනය කර ඇත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.