ග්‍රහලොව 'සිකුරා' හෙට පියවි ඇසින් දකින්න

ලසිත දුමින්ද

සෞරග්‍රහ මණ්‌ඩලයේ සිකුරු ග්‍රහලෝකය දීප්තිමත්ව සහ පියවි ඇසින් නිරීක්‍ෂණය කිරීමට ශ්‍රී ලාංකික ජනතාවට පෝය දින වන හෙට (12 වැනිදා) හැකිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා 'දිවයින'ට පැවසීය.

පෝය දින ඉර බැස ගිය පසු සිකුරු ග්‍රහයා දීප්තිමත්ව ලෙස සහ පෘථිවිය ආසන්නයට පැමිණෙන බව ද චන්දන ජයරත්න මහතා කීවේය.

ඉර බැස ගිය පසු පැය තුනක්‌ පමණ සිකුරු ග්‍රහයා පැහැදිලිව දැක බලාගත හැකි බව ද ඔහු සඳහන් කළේය.

සිකුරු ග්‍රහයා එදින තෙවැනි දීප්තිමත් ග්‍රහලෝකය වන බව ද, මෙවැනි සිදුවීමක්‌ ලබන වසරේ අගෝස්‌තු මාසයේදී ද සිදුවන බව ද ජයරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.