ආසියා පැසිපික්‌ කලාපයේ 2016 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා රවි කරුණානායක

නව ආර්ථික ප්‍රතිසංස්‌කරණ යුගයක්‌ කරා ශ්‍රී ලංකාව රැගෙන යැම හා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා සමාජය මානසික වශයෙන් සූදානම් කිරීමට ගත් උත්සාහය ඇගයීමට ලක්‌කරමින් බ්‍රිතාන්‍යයේ පළවන ප්‍රසිද්ධ මූල්‍ය සඟරාවක්‌ වන zද බෑන්කර්Z සඟරාව විසින් ආසියා පැසිපික්‌ කලාපයේ 2016 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා නම් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය ක්‍ෂේත්‍රයේ නමක්‌ දිනා සිටින බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට ප්‍රසිද්ධ කරන මෙම සඟරාව රවි කරුණානායක මහතා මෙලෙස ආසියා පැසිපික්‌ කලාපයේ 2016 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස නම් කර සිටින්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මනා ලෙස කළමනාකරණය කරමින් එය ස්‌ථාවර තත්ත්වයට ගෙන ඒමට හැකිවීම අගය කරමිනි. මෙම සඟරාව පවසා සිටින්නේ අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 පමණ ණය ලබාගැනීමට සමත් වූ බවයි. එමගින් රටේ ගෙවුම් ශේෂය හේතුකොටගෙන ඇතිවන මූල්‍ය අර්බුද වළක්‌වා ගැනීමට සමත් වූ බවත්, රටේ මුදල් සංචිත යථා තත්ත්වයට ගෙන එමින් විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය යළි ගොඩනැඟීමට මුදල් අමාත්‍යවරයාට හැකි වූ බවත් ය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.