අපේ භූමියේ අයිතිය කිසිවෙකුට දෙන්නේ නැහැ
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

ලෝකයෙන් එල්ල වූ මානව හිමිකම් ප්‍රශ්න විසඳා ගත්තා
ජී. එස්‌. පී. සහනයත් ළඟදීම ලැබේවි
අපට ආධාර දෙන්න ලෝකයත් කැමැති වුණා
රට සංවර්ධනය කරනකොට
සමහරු අප රට විකුණනවා කියනවා


මහනුවර තදබදය අවම කිරීමට
උමං මාර්ගයක්‌ හදනවා

ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල

සිරිල් විමලසුරේන්ද්‍ර

අලුත් ආණ්‌ඩුවක්‌ හැටියට අලුතෙන් රටට වැඩ කිරීමට අපට සහයෝගය දෙන්ට කියා කළ ඉල්ලීම අනුව ලෝකය දැන් අපට සහයෝගය ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. අපේ මාළු ටික විකුණා ගැනීමටත් අවස්‌ථාව සැලසෙමින් තිබෙනවා. අපට ජී එස්‌ පී සහන ස්‌ථිර වශයෙන් තව සතියකින් පමණ ලැබෙන ලකුණු තිබෙනවා යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහනුවර දොඩම්වල නව පාලම විවෘත කරමින් සිකුරාදා (06 දා) පැවසීය.

අපට බලය ලැබිල තව අවුරුදු දෙකයි. පාර්ලිමේන්තුවේ බලය ලැබිල තවමත් අවුරුදු එකහමාරක්‌ පමණයි. මේ කෙටි කාලය තුළදී දේශීය හා විදේශීය වශයෙන් අප විශාල වැඩ කොටසක්‌ සිදුකර තිබෙනවා යෑයි පැවසූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගය පවා මේ කෙටි කාලය තුළදී ලබාගැනීමට හැකිවුණු බව පැවසීය.

අපට එල්ල වී තිබුණු මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්න ද විස¹ ගැනීමට මෙම කෙටි කාලය තුළදී හැකි වී යෑයි පැවසූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අලුත් ආණ්‌ඩුවක්‌ හැටියට අපට සහයෝගය දෙන්ට කියා කළ ඉල්ලීමට ලෝකය කැමැති වූවායි ද පැවසීය.

ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

මෙලෙස සහයෝගය ලබමින් සිටින අපේ රජය මේ රට සංවර්ධනය කිරීමට කැපවී කටයුතු කරන විට අපි අපේ රට විකුණන්ට යනවා කියා බොරු චෝදනා කරනවා. හම්බන්තොට වරාය විකුණන්ට යනවා කියා චෝදනා කරනවා. ඒ සම්බන්ධව දෙපාර්ශ්වයක්‌ අතර එකඟතාවක්‌ නැහැ. මෙතෙක්‌ ඇති වී නැහැ. එවැනි එකඟතාවක්‌ මෙතෙක්‌ සකස්‌ කර නැහැ. ඒ පිළිබඳ තාක්‍ෂණ කමිටු වාර්තාවක්‌ තවම ලැබී නැහැ. අමාත්‍ය ලේකම්වරුන් තුන්දෙනකුගෙන් යුක්‌ත කමිටුවක්‌ පත්කළා. ඒ කමිටු වාර්තාව තවම ලැබී නැහැ. අගමැතිතුමාත් කමිටුවක්‌ පත්කළා. මීට සම්බන්ධව අක්‌කර 15,000 ක කතාවකුත් තිබෙනවා. ඒ කර්මාන්ත සංවර්ධන කාර්යයක්‌ බවට කියා කියනවා.

අපි අපේ භූමියේ අයිතිය අපි කිසිම කෙනකුට දෙන්නේ නැහැ. කර්මාන්ත ආරම්භ කිරීම සඳහා සුදුසු ඉඩම් සොයා බලා ලබා දෙනවා. එහෙම නැතිව ඉඩම් බුල්ඩෝසර කර දෙන්නේ නැහැ. ඓතිහාසික වෙහෙර විහාර කඩා බිඳ දමා අකටයුත්තක්‌ අපි කරන්නේ නැහැ. අසත්‍ය ප්‍රචාරවලින් ජනතාවත් මහා සංඝරත්නයත් නොමඟ යෑවීම සුදුසු නැහැ.

හම්බන්තොට වරාය ණයට හැදුවා. මත්තල ගුවන්තොටුපළ ණයට හැදුවා. මේ ව්‍යාපෘති සඳහා කෝටි නවලක්‍ෂයක්‌ බිලියන 9000 ක්‌ ණය ලබාගෙන තිබෙනවා. මේවා අපි ඇති කළ දේ නොවෙයි. මේ ණය ගෙවීමේදී මුහුණපෑමට සිදු වූ තත්ත්වයට පිළියමක්‌ වශයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා අවුරුදු දෙකකට කලින් මැතිවරණයකට ගියා. ඒ ප්‍රශ්නවලට මුහුණදීමට අපට සිදුවුණා. ඒ ප්‍රශ්න අපි විසඳනවා.

සංවර්ධනය සඳහා තවත් ණය ගන්න අපට පුළුවන්කම තිබෙනවා. නමුත් ණය බර උසුලන්ට බැහැ. ණය බරට පත්වූ රටවලට සිදු වූ දේ අප දැක තිබෙනවා. රටට හැකි තත්ත්වයට ණය ලබාගන්ට ඕනෑ. අපේ මේ රටේ එක බිම් අඟලක්‌ කියා බලයක්‌ දෙන්ට බැහැ. එවැනි බලයක්‌ දීමට කිසිම ගිවිසුමක්‌ හෝ එකඟතාවක්‌ ඇතිකරගෙන නැහැ. හම්බන්තොට සම්බන්ධ වාර්තාව ඇමැති මණ්‌ඩලයට එන්ට ඕනෑ. ඊට පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්ට ඕනෑ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විට කරුණු සියල්ල ගැන එළිදක්‌වන්ට පුළුවනි.

යුද්ධයක්‌ තිබුණා. යුද්ධය අවසන් වුණා. දැන් මෙතනින් එහාට රට ගෙන යන්ට ඕනෑ. දැන් සියලු දෙනාම ඒ සඳහා සහයෝගය දෙන්ට ඕනෑ. අලුත් ආණ්‌ඩුවක්‌ ලෙස විශ්වාසය තබා සහයෝගය දෙන්ට ඕනෑ. භේද නොසලකා සහයෝගය ලබාදෙන්ට ඕනෑ.

එකමුතුව කටයුතු කරන්ට ඕනෑ. මහා සංඝරත්නයේ අනුශාසනා, උපදෙස්‌ අපට අවශ්‍යයි. ඒ අනුව අප කටයුතු කළ යුතුයි. අපේ ඉතිහාසය අනුව අනුරාධපුර රාජ්‍ය සමයේ සිටම මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි අපේ රාජ්‍ය පාලකයන් කටයුතු කර තිබෙනවා.

මේ අතර මේ අවුරුද්දේ ආණ්‌ඩුව වට්‌ටනවා කියනවා. ඒක කරන්ට පුළුවන් බවක්‌ පෙනෙන්න නැහැ. 2020 ට පෙර පාර්ලිමේන්තුවේ ආසනවලින් කිසිවකු එලවා දමන්ට බැහැ. ඒකට ඉඩ දෙන්නෙත් නැහැ.

ප්‍රේමදාස ජනාධිපතිතුමාට විරුද්ධව දොaෂාභියෝගයක්‌ ඉදිරිපත් කළා. මාත් ඒකට අත්සන් කළා. දොaෂාභියෝගය කථානායකතුමාට ඉදිරිපත් කළා. ඉන් පසුව ඊට සිදු වූ දේ දන්නේ නැහැ. ආණ්‌ඩුව පෙරළන්ට පුළුවනි. ඒකට කථානායකතුමා සමඟ එකඟතාවකට පත්විය යුතුයි. නමුත් ඒක සිදුවන්නේ නැහැ.

ඉන්දියාව අද සල්ලි නැතිව අමාරුවේ වැටී සිටිනවා. මේ රට අපි ශක්‌තිමත්ව නැගී සිsටිය යුතුයි. ශක්‌තියෙන් නැගී සිටිය හැකිsයි. මහා සංඝරත්නයේ ආශිර්වාදය අපට තිබෙනවා.

මේ රටේ නියඟයක්‌ දැන් පවතිනවා. ගංගා, ඇළ දොළ වගේම ජලාශ සිඳී යනවා. මහනුවරට මෙන්ම අනෙක්‌ ප්‍රදේශවලට මේ නියඟය බලපානවා. මේ නියඟය ජය ගන්ට ක්‍රමවේද ආරම්භ කර එමගින් ජයගන්ට ඕනෑ. ජනතාව මෙන්ම ගහ කොළ සතා සිව්පාවා ආරක්‍ෂා කරගත යුතුයි.

අභිනවයෙන් ඉදිකර විවෘත කරන ලද දොඩම්වල පාලම ඉතා අවශ්‍ය ව්‍යාපෘතියක්‌ බව පැවසූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, පාලමක භෞතික වටිනාකමට වඩා මානුෂික සේවය සඳහා වැදගත්කමක්‌ තිබෙන බව පැවසීය.

අපේ රටේ ජනතාවට යුද්ධයක්‌ පැවැති කාලපරිච්ඡේදයක්‌ මතකයේ ඇතැයි විශ්වාස කරන බව පැවසූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සතුරන් දුර්වල කිරීමේ එක්‌ උපාය මාර්ගයක්‌ ලෙස පාලම් විනාශ කරන බව පැවසීය.

පාලම් ඉදිකරන්නේ මිනිසුන්ගේ පහසුව පමණක්‌ සලකා නොවන බවත් සතා සිවුපාවනටත් පාලම ප්‍රයෝජනවත් බවත් පෙන්වා දුනි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.