ගිනිතබා ගත් දකුණු කොරියානු භික්‍ෂුව අපවත්වෙති

චතුර පමුණුව

ජපානය සමග එළැඹි ගිවිසුමකට එරෙහිව සිරුරට ගිනිතබාගත් දකුණු කොරියානු භික්‍ෂුව පෙරේදා රාත්‍රි අපවත්වී ඇත.

ජුන්ග් වොන් නමැති මෙම භික්‍ෂුව සිරුරට ගිනි තබාගත්තේ ඉකුත් 07 වැනිදාය.

දෙවැනි ලෝක යුද්ධයේ ලිංගික වහලුන් ලෙස කොරියානු ස්‌ත්‍රීන් යොදා ගැනීම වෙනුවෙන් වන්දි ලබාගැනීම සඳහා ජපානය සමග එළඹි ගිවිසුමට විරෝධය පාමින් මෙම 64 හැවිරිදි භික්‍ෂුව සිරුරට ගිනි තබාගෙන තිබිණි.

දෙවැනි ලෝක යුද සමයේ කොරියානු කාන්තාවන් ලක්‍ෂ දෙකකට අධික පිරිසක්‌ බලහත්කාරයෙන් ගණිකා සේවයේ යොදවා තිබිණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.