ජාතික උද්‍යාන සහ සත්වෝද්‍යාන
සංවර්ධනයට චීන රජයේ සහාය


සුජිව තත්සර

මෙරට ජාතික උද්‍යාන සහ සත්වෝද්‍යාන සංවර්ධනය කිරීමට චීන රජයේ සහයෝගය හිමිවීම ශ්‍රී ලංකාව හා චීනය අතර මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරන්නක්‌ බව තිරසර සංවර්ධන සහ වන සංරක්‍ෂණ නියෝජ්‍ය අමාත්‍ය, සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කළාය.

මහජන චීනයේ වන සංරක්‍ෂණ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ෙµන්සුයි මහතා ඇතුළු දූත පිරිස ඉකුත්දා ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ පැවැති සුහද පිළිසඳරකදී අමාත්‍යවරිය මේ බැව් කියා සිටියාය.

මෙහිදී අදහස්‌ දැක්‌වූ චීන වන සංරක්‍ෂණ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ෙµන්සුයි මහතා මෙසේ පැවැසීය.

අපි ශ්‍රී ලංකාවට පැමිණියේ මෙහි ජාතික වනෝද්‍යාන ඇතුළු සත්වෝද්‍යාන සංවර්ධනය කිරීම සඳහා චීන රජයේ සහයෝගය ලබාදීම වෙනුවෙන්.

ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමට ලැබීම පිළිබඳව අපි සතුටට පත්ව සිටිනවා. ඒ වගේම දෙරටේ මිත්‍රත්වයට මේ අවස්‌ථාව විශාල රුකුලක්‌ වන බවට මා විශ්වාස කරනවා.

තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකාවට පැමිණි චීන දූත පිරිස ගුවන්තොටේදී පිළිගනු ලැබුවේ නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය විසිනි.

චීන වන සංරක්‍ෂණ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස රිදීගම සµdරි උද්‍යානයේ නව සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්‌ථාවටද එක්‌වීමට නියමිතව ඇති අතර උඩවලව ජාතික උද්‍යානය, දෙහිවල ජාතික සත්වෝද්‍යානය නිරීක්‍ෂණය කිරීමටද නියමිතව ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.