වසරේ පාපන්දු රජු රොනාල්ඩෝ

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය මගින් සංවිධානය කරන ලද ෆිෆා සම්මාන රාත්‍රියේ වසරේ දක්‌ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට සුපිරි ක්‍රීඩක ක්‍රිස්‌ටියානෝ රොනල්ඩෝ සමත් වූවේය.

රියල් මැඩ්රිඩ් සහ පෘතුගාල කණ්‌ඩායම නියෝජනය කරන 31 හැවිරිදි රොනාල්ඩෝ ආර්ජන්ටිනාවේ ලියොනල් මෙසී සහ ප්‍රංශයේ අන්තෝනි ග්‍රීස්‌මන් අතරින් මේ සඳහා සුදුසුකම් ලැබීය.

එහිදී ලකුණු 34.54% ක ප්‍රතිශතයක්‌ ක්‍රිස්‌ටියානෝ රොනාල්ඩෝ වෙත හිමිව තිබූ අතර ලියොනල් මෙසීට 26.42% ක ප්‍රතිශතයක්‌ සහ අන්තෝනි ග්‍රීස්‌මන්ට 7.53% ක ප්‍රතිශතයක්‌ හිමිව තිබුණි. ඉකුත් දෙසැම්බර් මස පැවැති බැලොන් ඩි ඕර් සම්මාන උළෙලේ වසරේ ක්‍රීඩකයාට හිමි සම්මානයද රොනල්ඩෝ විසින් දිනාගන්නා ලදී.

'2016 වසර මගේ ක්‍රීඩා දිවියේ හොඳම වසරක්‌. චැම්පියන්ස්‌ ලීග් සහ ලෝක කුසලාන ක්‍රීඩා සමාජ තරගාවලිය අමතක කරන්න බෑ.'යි කුසලාන දිනාගැනීමෙන් අනතුරුව රොනාල්ඩෝ පවසා තිබේ.

වසරේ දක්‌ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ඇමරිකාවේ කාලි ලියෝඩ් විසින් දිනා ගත්තාය. මීට අමතරව වසරේ විශිෂ්ටතම පුහුණුකරුට හිමි සම්මානය ලෙස්‌ටර්සිටි ක්‍රීඩා සමාජයේ පුහුණුකරු වූ ඉතාලි ජාතික ක්‌ලෝඩියෝ රනීරි විසින් දිනාගන්නා අතරවාරයේ දක්‌ෂතම කාන්තා කණ්‌ඩායම් පුහුණුකාරිණිය ලෙස ජර්මානු කණ්‌ඩායම් පුහුණුකාරිණිය වන සිල්වියා නෙයිඩ් තේරී පත්විය.

සම්මාන උළෙලට අදාළ දක්‌ෂතම දැල් රකින්නාට හිමි සම්මානය මැලේසියාවේ මොහොමඩ් µයිස්‌ සුබ්රි වෙත හිමි වූවේය.

වසරේ පාපන්දු කණ්‌ඩායම

මැනුඑල් නියුර්, ටෝනි කෲස්‌ (ජර්මනි), ඩැනී අල්වේස්‌, මාර්සෙලෝ (බ්‍රසීලය), ජෙරාඩ් පීකුයි, සර්ජියෝ රාමෝස්‌, ඇන්ඩ්‍රස්‌ ඉනියෙස්‌ට (ස්‌පාඤ්ඤ), ලූකා මොඩි්‍රක්‌ (ක්‍රොයේෂියාව), ක්‍රිsස්‌ටියානෝ රොන්ල්ඩෝ (පෘතුගාලය), ලියොනල් මෙසී (ආර්ජන්ටිනාව), ලුයිස්‌ සුවාරස්‌ (උරුගුවේ)



වමේ සිට ක්‌ලෝඩියෝ රනීරි, සිල්වියා නෙයිඩ්, කාලි ලියෝඩ්, ක්‍රිස්‌ටියානෝ රොනල්ඩෝ කුසලාන අතැතිව

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.