BOC Branch on Wheels - ඩිජිටල්කරණයෙන්
යුතුව ඔබ සමීපයට එන බැංකුව

ඩිජිටල්කරණයෙන් යුතුව ලංකා බැංකු ගනුදෙනුකරුවන් වෙත එන BOC Branch on Wheels හඳුන්වාදෙමින් කොළඹ ලංකා බැංකු මූලස්‌ථාන පරිශ්‍රයේ ඊයේ (10 දා) පැවැති උත්සවයේදී බස්‌නාහිර පළාත උතුර ජංගම ශාඛාවට අදාළ යතුර සංකේaතවත් ලෙස ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා විසින් බස්‌නාහිර උතුර සහකාර මහ කළමනාකාරීනි ඩබ්. වී. පී. රත්නායක මහත්මිය වෙත ප්‍රදානය කළ අයුරුද, වයඹ පළාත ජංගම ශාඛාවට අදාළ යතුර වයඹ සහකාර මහා කළමනාකරු ප්‍රියාල් සිල්වා මහතා වෙත ප්‍රදානය කළ අයුරුද දැක්‌වේ.

ලංකා බැංකුවේ මහා කළමනාකරු ඩී. එම්. ගුණසේකර සහ නියෝජ්‍ය මහා කළමනාකරු (විකුණුම් සහ හැසිරවුම්) සෙනරත් බණ්‌ඩාර (වම් කෙළවර) යන මහත්වරුද ඡායාරූපවල දැක්‌වෙති.
ඡායා - ජූඩ් ඩෙන්සිල් පතිරාජ

දිවයිනේ අංක 1 බැංකුව වන ලංකා බැංකුවේ ගනුදෙනුකරුවන් සඳහා වූ නවතම වැඩසටහන කිරීම වන 'BOC Branch on Wheels' ඊයේ (10 වැනිදා) බැංකුවේ සභාපති රොනල්ඩ් සී. පෙරේරා සහ මහා කළමනාකරු ඩී. එම්. ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් දියත් කරන ලදී. නියෝජ්‍ය මහා කළමනාකරු විකුණුම් හා හැසිරවුම් කළමනාකරන සෙනරත් බංඩාර මහතා ආයතනික සහ විධායක කළමනාකාරිත්වයේ සාමාජිකයන්ගේ සහ අනෙකුත් නිලධාරීහු ද මේ අවස්‌ථාවට සහභාගි වූහ. මෙම ජංගම ශාඛාව අයකැමි කවුන්ටරයක්‌, ගනුදෙනුකරුවන්ට වෙන්වූ පෙදෙසක්‌, ස්‌වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක්‌ (ATM) සහ ස්‌වයං සේවා වෙළෙඳසැලකින් සමන්විතවේ. මුදල් තැන්පතු හා ආපසු ගැනීම්, අරමුදල් පැවරුම්, බිල්පත් ගෙවීම්, ගිණුම් ඇරඹීම්, ණය සඳහා ඉල්ලූම් කිරීම සහ අන්තර්ජාල බැංකුකරණ පහසුකම් මෙහිදී සැපයේ. මෙම ජංගම ශාඛාව සතු අන්තර්ජාල සම්බන්ධතාවය සමග මෙම ශාඛාව මගින් කරනු ලබන ගනුදෙනු යාවත්කාලීනව කෙරේ.

Branch on Wheels හඳුන්වා දෙනු ලබන්නේ නවීන බැංකුකරණ පහසුකම් දුෂ්කර ප්‍රදේශවල සිටින ගනුදෙනුකරුවන්හට ලබාදීම මගින් ඔවුන් තුළ බැංකුකරණය කෙරෙහි දැනුම හා විශ්වාසය ගොඩනැංවීමත් බැංකුකරණය හා සම්බන්ධ නොවන ජනතාව බැංකු ධාරාවට ගෙන ඒමේ රජයේ අරමුණට අනුවය. ඇතැම් දුෂ්කර ප්‍රදේශයන්හි අයට මෙම නවීන බැංකුකරණ පහසුකම් වෙත ප්‍රවේශ වීම පවා දුෂ්කර වන අතර බැංකුකරණයට වඩාත් ශක්‍යතාවයක්‌ ලබාදෙමින් පවතින මානසික හා භූගෝලීය බාධක බිඳ හෙලමින් මෙම ජංගම ශාඛාව ගනුදෙනුකරු වෙත ළඟා වෙයි.

බැංකුවෙහි ඩිජිටල් පරිවර්තනයෙහි තවත් එක්‌ මූලික අංගයක්‌ ලෙස ක්‍රියාත්මක මෙම ක්‍රියාවලිය බැංකුව ඉතා දැඩි සැලකිල්ලක්‌ දක්‌වන්නකි. මේ මගින් සමස්‌ත දිවයිනම ආවරණය වන බව තහවුරු කර ගැනීම සඳහා බැංකුව සෑම පළාතකටම ජංගම ශාඛාව බැගින් ලබාදෙනු ඇත. එසේ කිරීම මගින් වඩාත් පුළුල් භූගෝලීය ප්‍රදේශයක්‌ ආවරණය කිරීමටත් ගනුදෙනුකරුගේ පහසුව මත කාර්ය බහුල වෙළෙඳපොළක සිට පාසල්, ආරෝග්‍ය ශාලා මෙන්ම ඕනෑම ආකාරයක ආයතනයකට/ කාර්යාල හෝ කර්මාන්ත ශාලාවක්‌ ආදී වශයෙන් පුළුල් ගනුදෙනුකාර පදනමක්‌ ආවරණය කිරීමට බැංකුව සමත්වනු ඇත. මේ අනුව මෙම ජංගම ශාඛාව කාල සටහනකට අනුව සාමාන්‍ය ශාඛාවක්‌ සේ ක්‍රියා කිරීමට යොදවනු ඇත. මීට අමතරව අදාළ කලාපයේ විශේෂ වැඩසටහන් පවත්වන විට එය විශේෂ සේවා ස්‌ථානයක්‌ ලෙසද ක්‍රියාකරනු ඇත. ව්‍යවසන අවස්‌ථාවන්හිදී වහාම ගනුදෙනුකරුවන්ට සහායවනු පිණිසත් කඩිනමින් බැංකු කටයුතු යථා තත්ත්වයට පත් කර දීම සඳහාත් ඇති සැලසුමක කොටසක්‌ ලෙස ක්‍රමෝපායිකව ද මෙය උපයෝගී කර ගැනීමට ලංකා බැංකුව අපේක්‌ෂා කරයි.

ශ්‍රී ලාංකේය බැංකුකරණ ක්‌ෂේත්‍රය ඩිජිටල් වශයෙන් වෙනස්‌ කරමින් රාජ්‍ය බැංකුවක වගකීමෙන් යුතුව සිය ගනුදෙනුකරුවන්හට ජාත්‍යන්තර මට්‌ටමේ බැංකුකරණ අතදැකීමක්‌ ගෙන ඒමට ජාත්‍යන්තර ප්‍රමිතීන් හා සමවන ලෙස දිවයිනේ බැංකුකරණ කර්මාන්තය කැපී පෙනෙන ලෙස ඉහළ නැංවීමට ලංකා බැංකුව පුරෝගාමී වී ඇත. සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම අවශ්‍යතා සපුරාලන අයුරින් එය රාජ්‍ය අයිතියක්‌ සමග එහි සේවය පුළුල් කර ඇත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.