පන්නිපිටිය පෞද්ගලික රෝහල OHSAS 18001 : 2007 තත්ත්ව සහතිකය දිනා ගනී

මෙරට කීර්තිමත් පෞද්ගලික රෝහලක්‌ වන පන්නිපිටිය පෞද්ගලික රෝහල ජාත්‍යන්තර OHSAS 18001 : 2007 තත්ත්ව සහතිකයෙන් පසුගියර් පිදුම් ලැබීය. පන්නිපිටිය පෞද්ගලික රෝහලේ 20 වැනි සංවත්සරය නිමිත්තෙන් තලවතුගොඩ, ග්‍රෑන්ඩ් මොනාර්ච් හෝටලයේදී පැවැත්වුණු උළෙලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම තත්ත්ව සහතිකය රෝහලේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්‌ෂ ආචාර්ය ආනන්ද කුරුප්පුආරච්චි මහතා වෙත පිරිනමනු ලැබීය.

සමස්‌ත රෝහලේ ආරක්‌ෂාව තහවුරු වී ඇති ආකාරය පිළිබඳව සැලකිල්ලට ගනිමින් ජර්මනියේ කීර්තිමත් Royalcert ප්‍රමිතිකරණ ආයතනය පන්නිපිටිය පෞද්ගලික රෝහල සඳහා OHSAS 18001 : 2007 තත්ත්ව සහතිකය පිරිනමා තිබේ. රෝගීන් සහ සේවක මණ්‌ඩල ආරක්‌ෂාව සහතික කිරීම වෙනුවෙන් රෝහල ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ මෙම තත්ත්ව සහතිකය පිරිනැමීමේදී විශේෂ අවධානයක්‌ යොමුකර ඇත.

''පන්නිපිටිය පෞද්ගලික රෝහලේ පවතින ඉහළම ප්‍රමිතිය මෙම ජාත්‍යන්තර තත්ත්ව සහතිකය මගින් නැවත වරක්‌ තහවුරු කර තිබෙනවා. 20 වසරක්‌ පුරා ජනතාව අතර විශ්වසනීය නාමයක්‌ දිනා සිටින අප රෝහලට සාර්ථක ඉදිරි ගමනක්‌ යැමට මෙම ගෞරවනීය තත්ත්ව සහතිකය විශාල ශක්‌තියක්‌'' යනුවෙන් මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ පන්නිපිටිය පෞද්ගලික රෝහලේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්‌ෂ ආචාර්ය ආනන්ද කුරුප්පුආරච්චි මහතා පැවැසීය. රෝගීන් සඳහා සාධාරණ මිලකට, ගුණාත්මක බවින් ඉතා ඉහළ සේවාවක්‌ සැපයීමට කැපවී සිටින පන්නිපිටිය පෞද්ගලික රෝහල ඉදිරි කාලයේදී සිය සේවාවන් තවත් පුළුල් කිරීමට සැලසුම් කර තිබෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.