අව්‍යාජ කැසියෝ ඔරලෝසු
දැන් ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ටත්

වැය කරන මුදලට ඉහළම වටිනාකමක්‌ ලබා දෙන මන බඳින ආකර්ෂණීය අත්ඔරලෝසු වෙළෙඳ නාමයක්‌ ලෙස කැසියෝ ඔරලෝසුවලට අද ලොව පුරා ඇත්තේ ඉතා ඉහළ ඉල්ලුමකි. කෙසේ නමුත් කැසියෝ ඔරලෝසු අගයන ලොව පුරා පාරිභෝගිකයන් අද මුහුණදෙන ප්‍රධාන ගැටලුවක්‌ වන්නේ වෙළෙඳපොළේ ඇති ව්‍යාජ අනුකරණ අතරින් නියම අව්‍යාජ කැසියෝ ඔරලෝසු හඳුනා ගැනීමයි.

මෙම පාරිභෝගික අවශ්‍යතාවය මනාව හඳුනාගත් ශ්‍රී ලංකාවේ කැසියෝ ඔරලෝසු සඳහා බලයලත් බෙදාහරින්නන් වන බ්ලින්ක්‌ ඉන්ටර්නැෂනල් (ප්‍රයිවට්‌) ලිමිටඩ් ආයතනය අව්‍යාජ කැසියෝ ඔරලෝසු පෙළක්‌ දිවයිනේ තෝරා ගත් අලෙවි සල් රැසකින් මිලදී ගැනීමේ අවස්‌ථාව දැන් පාරිභෝගිකයන්ට පිරිනමා ඇත.

දිවයින පුරා අලෙවි සල් 15 කින් කැසියෝ ඔරලෝසු මිලදී ගැනීමට දැන් පාරිභෝගිකයන්ට හැක.

ඒ අතරින් කූල් ප්ලැනට්‌, ABBA, නස්‌ටාර්ස්‌ සහ මීගමුවේ හාමා යන අලෙවිසල් ප්‍රධාන වේ.

ලබන වසරේ ජූලි මස වන විට මෙම අලෙවිසල් ප්‍රමාණය තවත් 50 කින් වර්ධනය කිරීමට ආයතනය බලාපොරොත්තු වේ.

බ්ලින්ක්‌ ඉන්ටර්නැෂනල් මගින් බෙදාහරින කැසියෝ ඔරලෝසු පෙළ අතර අද ලොව පුරා ඉතා ජනප්‍රිය G - ෂොක්‌, එඩ්µsස්‌, ෂීන්, ප්‍රොaට්‍රෙක්‌, එන්ටයිසු සහ යුත් වෙළෙඳ නාම ප්‍රධාන වේ. පාරිභෝගිකයන්ගේ තවත් අවශ්‍යතාවයක්‌ සපුරමින් ජාත්‍යන්තර මට්‌ටමේ අලෙවියෙන් පසු සේවාවන් ලබාදීම සඳහා 2017 පෙබරවාරි මස කොළඹ ගෝල්ෙµaසAහි කැසියෝ අත් ඔරලෝසු බලයලත් අලෙවි මධ්‍යස්‌ථානයක්‌ ආරම්භ කිරීමටද බ්ලින්ක්‌ ඉන්ටර්නැෂනල් මේ වන විට පියවර ගෙන ඇත.

බ්ලින්ක්‌ ඉන්ටර්නැෂනල්හි අධ්‍යක්‌ෂක මොහොමඩ් මන්සුර් මහතා අදහසA දක්‌වමින් අද වෙළදපොළේ ව්‍යාජ අනුකරණ පිරී ඇති බැවින් පාරිභෝගිකයන් කැසියෝ අත් ඔරලෝසු මිලදී ගැනීමේදී අතිශයින් ප්‍රවේශම් සහගත වීමේ වැදගත්කම අවධාරණය කළේය. අලෙවිකරුවා විසින් අත්සන් කර සිය මුද්‍රdව තබන ලද කොළ පැහැති වගකීමේ සහතිකය සැම විටම ඉල්ලා සිටීම ඒ අතරින් ප්‍රධාන වේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.