මහ බැංකුව ගැන
අප නොදකින මත ගැටුම


ශ්‍යාම් නුවන් ගනේවත්ත

හම්බන්තොට වරාය (අවසන්) ගිවිසුමට අත්සන් තැබීමට මුලින් සූදානම් වූයේ එය කැබිනට්‌ මණ්‌ඩලයට හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් තොරව විය යුතුය. ජනාධිපතිවරයාට මේ කාරණයට මැදිහත් වන්නට සිදුව ඇත්තේද මේ නිසා යෑයි අපි සිතමු. ඒ අනුව මුලින් සැලසුම් කළ පරිදි ඉකුත් ජනවාරි 07 වැනිදා එම වරාය ගිවිසුම අත්සන් කළ නොහැකි විය. මේ කාරණය මෙන්ම රජයේ තවත් කරුණු කාරණා රැසක්‌ සම්බන්ධයෙන් දැනටමත් ඇති අත්දැකීම් අනුව රජයේ ප්‍රතිපත්තිමය තීරණ මොනවාද යන ප්‍රශ්නය ද අපට මතුව තිබේ. මේ ආණ්‌ඩුව ශ්‍රීලනිප - එජාප දෙමුහුන් ආණ්‌ඩුවකි. ආණ්‌ඩුව ඇතිකරගත් එම දෙමුහුන් ස්‌වභාවය ආණ්‌ඩුව පිහිටුවා ගැනීමට පමණක්‌ නොව රජයේ ප්‍රතිපත්තිමය තීරණවලට ද දැඩිව බලපෑම් එල්ල කරන ස්‌වභාවයක්‌ නිර්මාණය වී ඇත. මේ දෙමුහුන් ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිප සහ එජාප දෙපාර්ශ්වයේ ප්‍රතිපත්තිමය පරස්‌පරයන්ද මීට බලපා තිබේ. මෙය රජයේ බොහෝ ආයතනවල ක්‍රියාකාරීත්වයටද අහිතකර ලෙස බලපා තිබේ. දැන් දැන් සිදුවෙමින් තිබෙන දේ අනුව එය ශ්‍රී ලංකා මහ බැංකුවට ද බලපා තිබෙන බවක්‌ පෙනේ. මේ පසුබිම තුළ මහ බැංකුව පිළිබඳව ද විශාල සංවාදයක්‌ මේ දිනවල ඇතිව තිබේ. ඒ ගැන අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු.

මහ බැංකුවේ පුළුල් වෙනසක්‌ කරන්නට රජයට අවශ්‍ය වී ඇති බවක්‌ පෙනෙන්නට තිබේ. මහ බැංකුව ප්‍රතිව්‍යqහගත කිරීමටද රජය තීරණය කර තිබේ. මුදල් ඇමැති රවි කරුණානායක මහතා ද පසුගිය ප්‍රවෘත්ති සාකච්ඡාවලදී මහ බැංකුව ගැන බොහෝ විවේචන සිදු කළේය. මහ බැංකුව දේශපාලනීකරණය වී ඇතැයි ද කීවේය. එහෙත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහ බැංකුව දේශපාලනීකරණය වී ඇතැයි යන මුදල් ඇමැතිගේ චෝදනාව ප්‍රතික්‌ෂේප කළේය. එය පුවත්පත් ඇතුළු මාධ්‍යවල පළවිය. එම ප්‍ර්‍රතිචාරයෙන් මුදල් ඇමැතිවරයා අසතුටට පත්වන්නට ඇති බවට සැකයක්‌ නැත. ඉන් පසු මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කළ තවත් චෝදනාවක්‌ වූයේ ජනාධිපතිවරණයට දින දෙකකට පෙර රු. කෝටි 1300 ක්‌ මහ බැංකුවෙන් හොරෙන් පිටවී ඇති බවයි. මෙය ඉතා බරපතළ චෝදනාවකි. මෙය රටේ මුදල් කොලය ගැන මහජනතාව තුළ සැකය, අවිශ්වාසය ජනිත කරවන චෝදනාවකි. ඒ නිසා මෙහි ඇත්ත නැත්ත වහාම රටට පැහැදිලිs කිරීම මහ බැංකුවේ වගකීමක්‌ විය. එය දිගින් දිගටම අප විසින්ද කියා සිටියත් මහ බැංකුව දිගටම නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කළේය. ඇතැම් විට එය මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කළ චෝදනාවක්‌ නිසා මහ බැංකුව එසේ නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කළා වන්නට ද බැරි නැත. එහෙත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමිට එම නිහඬතාව බිඳින්නට සිදුවිය. ඒ පසුගිය ජනවාරි 03 වැනිදාය. එදින සවස මහ බැංකුවේ ප්‍රතිපත්ති පෙර දැක්‌ම පිළිබඳ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ ගැන මාධ්‍යවේදීන් කළ ප්‍රශ්නකිරීම්වලට පිළිතුරක්‌ නොදී සිටීමට මහ බැංකු අධිපතිවරයාට නොහැකි විය. ඒ අනුව මහ බැංකුවෙන් රු. කෝටි 1300 ක්‌ හොරෙන් පිටවී ඇති බවට මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කළ චෝදනාවට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මෙසේ කීවේය.

"අපි මේ ගැන මූලික පරීක්‍ෂණයක්‌ කළා. ඒ අනුව එහෙම දෙයක්‌ වෙලා නැහැ. ඒත් මේ චෝදනාව ගැන පූර්ණ පරීක්‍ෂණයක්‌ කිරීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා."

ඇත්ත වශයෙන්ම මහ බැංකුව විසින් මේ ගැන පූර්ණ පරීක්‍ෂණයක්‌ කර මෙහි ඇත්ත නැත්ත රටට කඩිනමින් ඉදිරිපත් කිරීම ඉතාමත් වැදගත්ය. එය ඉතාමත් අවශ්‍යය. මහජනතාවට දැනට සමාජය තුළ සංසරණය වන රු. 5000 නෝට්‌ටුව ගැන මුදල් ඇමැතිගේ ප්‍රකාශය නිසා ජනිත වී ඇති සැකසංකා දුරුකිරීමට නම් එම පරීක්‍ෂණය කඩිනමින් සිදුකර, ඒ ගැන මහජනතාව දැනුවත් කළ යුතුමය. කවරක්‌ නමුත් මූලික පරීක්‍ෂණයකට අනුව එවැනි මුදල් පිටවීමක්‌ සිදුව නොමැති බව මහ බැංකු අධිපතිවරයා කීවේය. එය මාධ්‍ය තුළින් දැන් ප්‍රසිද්ධියට පත්ව තිබේ. එසේ හොරෙන් මුදල් පිටවී නැත්නම් මුදල් ඇමැතිවරයා කියන්නේ බොරුවකි. කෙසේ හෝ මුදල් ඇමැති ඉදිරිපත් කළ චෝදනාව ඇත්ත ද බොරුද යන්න හරියටම සොයාගෙන එය රටට හෙළිදරව් කළ හැක්‌කේ මහ බැංකුවටය. එය වහාම සිදුකරන ලෙස අපි ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමිගෙන් මහජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිමු. සිදුකළ මූලික පරීක්‍ෂණය අනුව එවැන්නක්‌ සිදුව නැතැයි මහ බැංකු අධිපතිවරයා කී පසු, මුදල් ඇමැතිවරයා සහ මලික්‌ සමරවික්‍රම ඇමැතිවරයා පසුගිය ජනවාරි 05 දින මුදල් අමාත්‍යාංශයේදී පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මුදල් ඇමැතිවරයා කීවේ එම මහ බැංකුවෙන් මුදල් පිටවීමට අදාළ සීසීටීවී සාක්‍ෂි තමා සතුව ඇති බවයි. මෙතරම් මූල්‍ය වංචාවක්‌ සිදුව ඇත්නම් ඒවා නීතිය හමුවට ඉදිරිපත් නොකර මුදල් ඇමැතිවරයා ඒවා තමන් ළඟ තියාගෙන සිටින්නේ ඇයි? එයත් බලවත් ප්‍රශ්නයකි. මුදල් ඇමැති කියන පරිදි දැන් ඔය සිදුවීම වී වසර දෙකකටත් වැඩිය. එසේ නම් ඔය කියන සීසීටීවී සාක්‍ෂි මෙතරම් කලක්‌ නීතියට ඉදිරිපත් නොකිරීමෙන්ද සිදුව ඇත්තේ, ඒ සිද්ධියට අදාළ වගකිවයුත්තන්ට එරෙහිව (ඇත්තටම මෙවැනි සිදුවීමක්‌ සිදු වී ඇත්නම්) නීතිය ක්‍රියාත්මක වීම වැළකීම නොවේද? එය බරපතළ කරුණකි. කෙසේ වෙතත් මහ බැංකුව මේ ගැන දැන් පූර්ණ පරීක්‍ෂණයක්‌ කරන නිසා මේ ගැන ඇත්ත කුමක්‌දැයි ඉතා ඉක්‌මනින්ම රටවැසියාට දැනගැනීමට ලැබෙනු ඇත. ඒ තුළින් දැනට සංසරණයේ තිබෙන මුදල් නෝට්‌ටු භාවිතය පිළිබඳ යම් සැකසංකා ජනිත වී ඇත්නම් එය ද දුරුවනු ඇත. එවැනි මුදල් පිටවීමක්‌ සිදුවී ඇත්නම් ඊට වගකිව යුත්තන්ට එරෙහිව වහාම නීතිමය ක්‍රියාමාර්ග ද ගත යුතුව තිබේ. මහ බැංකුව පැත්තෙන්ද අදාළ අයට විනය පියවර ගතයුතුව තිබේ.

එහෙත් මහා බැඳුම්කර වංචාවේ චෝදනා එල්ල වූ මහ බැංකු නිලධාරීන්ට කිසිදු විනය පියවරක්‌ (මහ බැංකුව අභ්‍යන්තර වශයෙන්) නොගෙන ඒ අය සමඟම එකට වාඩි වී ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන වත්මන් මහ බැංකු අධිපතිවරයාට, අනෙක්‌ කාරණා ගැන මහ බැංකු නිලධාරීන්ට විනය පියවර ගත හැකි වනු ඇතිද යන්න නම් ප්‍රශ්නයකි. යම් චෝදනාවක්‌ එල්ල වූ විට ඒ ගැන පරීක්‍ෂණයක්‌ කරනවා නම් අදාළ නිලධාරීන් එම පරීක්‍ෂණය නිම වනතෙක්‌ තාවකාලිකව හෝ අදාළ වගකීම්වලින් ඉවත් කිරීම ඕනෑම පරීක්‍ෂණ ක්‍රියාවලියක අවම සදාචාරාත්මක පිළිවෙතකි. එහෙත් මේ බැඳුම්කර වංචාව ගැන චෝදනා එල්ල වී ඇති මහ බැංකු නිලධාරීන් සම්බන්ධයෙන් එම අවම සදාචාරයවත් රැකීමට මහ බැංකුව ක්‍රියා නොකිරීමත් ඔවුන් සමඟම එකට වාඩි වී සිටිමින් මහ බැංකු අධිපතිවරයා ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීමත් හාස්‍යයට කරුණකි. මෙසේ චෝදනා එල්ල වී ඇත්තේ පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභා (කෝප්) වාර්තාවෙන් බවත් එහි නිර්දේශවලට (පාද සටහන් දැම්මත්) එම සභාව නියෝජනය කරන එජාප - ශ්‍රීලනිප මන්ත්‍රීවරු සියලු දෙනා එකඟතාව පළකර ඇති බවත් වත්මන් මහ බැංකු අධිපතිවරයාට සිහිපත් කිරීමට අපට සිදුවේ. මේ කෝප් වාර්තාව පදනම් වී ඇත්තේ රජයේ විගණකාධිපතිවරයාගේ විගණන මතය ද පදනම් කරගනිමින් බව කිව යුතුය. ඒ නිසා පරීක්‍ෂණයක්‌ යන විට චෝදනා එල්ල වී ඇති නිලධාරීන් ඒ වගකීම්වලින් හෝ තනතුරුවලින් පරීක්‍ෂණය නිමවන තෙක්‌ තාවකාලිකව හෝ ඉවත් කිරීමේ අවම සදාචාරයවත් රැකීමට වත්මන් මහ බැංකු අධිපතිට බැරිනම් අඩු තරමින් ඒ නිලධාරීන් ප්‍රවෘත්ති සාකච්ඡාවලට කැන්දාගෙන ඒමවත් නැවැත්විය යුතුය. එම චෝදනා එල්ල වී ඇති මහ බැංකු නිලධාරීන්ට විලි ලැඡ්ජාවක්‌ නොතිබීම වෙනම කරුණකි. ඒ අතින් අර්ජුන මහේන්ද්‍රන් තව හොඳය. ඔහුට මුලින්ම බැඳුම්කර චෝදනාව එල්ල වූ අවස්‌ථාවේදී අගමැතිවරයා ඒ ගැන පරීක්‍ෂණ පැවැත්වීමට ත්‍රිපුද්ගල නීතිඥ කමිටුවක්‌ පත් කළේය. එය හොරාගෙ අම්මාගෙන් පේන අහන කමිටුවක්‌ බව වෙනම කතාවකි. එහෙත් ඒ අවස්‌ථාවේදී එම පරීක්‍ෂණය පැවැත්වෙන විට අර්ජුන මහේන්ද්‍රන් මහතා කලක්‌ මහ බැංකුවට නොපැමිණ සිටියේය. ඒ ආදර්ශයවත් දැන් පෙනෙන්නට නැත.

මේ ක්‍රියාවලිය තුළ මත්මන් මහ බැංකු අධිපතිවරයාද "බැඳුම්කර මගඩිය" රකින්නෙක්‌ බවට සැකසංකා ජනිත වීම පුදුමයක්‌ නොවේ. එහෙත් ජනාධිපති මෛත්‍රිපාල සිsරිසේන මහතා අර්ජුන මහේන්ද්‍රන් මහතා පත් නොකර ඒ වෙනුවට කුමාරස්‌වාමි මහතාව පත් කළේ කුමකට ද යන වග ඔහු හරිහැටි තේරුම් ගෙන ඔහුට බලපෑම් ඇත්නම් ඒවා හමුවේ නොසැලී අභීතව කටයුතු කළ යුතු බවද අපි කියා සිටිමු. ජනාධිපතිවරයාට සමීප ශ්‍රීලනිප ඇමැතිවරයකු මේ ලියුම්කරුට කීවේ ආචාර්ය කුමාරස්‌වාමි මහතා ඉල්ලා අස්‌වීමට සූදානම් වුවත් ඔහුට ඒ ගැන කරුණු පැහැදිලිs කර ඔහු ඉල්ලා අස්‌වීමෙන් වැළැක්‌වූ බවයි. මේ පීඩාකාරී පසුබිම තුළ මුදල් ඇමැතිවරයාගේ දොස්‌ පැවරීම්ද මධ්‍යයේ ඉතා දුෂ්කරව රාජකාරී කිරීමට සිදුව ඇති තත්ත්වයක්‌ ආචාර්ය කුමාරස්‌වාමි මහතාට ඇතිව තිබෙන බවත් පෙනෙන්නට තිබේ. මහ බැංකු අධිපතිවරයාට මෙන්ම තවත් රාජ්‍ය නිලධාරීන්ට ද රාජකාරි කිරීමේදී තීන්දු තීරණ ගැනීමේදී මේ දෙමුහුන් ආණ්‌ඩුව තුළ විශාල ගැටුම් ඇති බව රහසක්‌ නොවේ. ආචාර්ය කුමාරස්‌වාමි මහතාණෙනි, ඔබව අධිපති පදවියට පත්කළ බැඳුම්කර මගඩියට එරෙහිව අප විසින් දියත් කළ සාමුහික ක්‍රියාවලියේදී මාධ්‍යයේ අපට ද රාජකාරි කිරීමට සිදුවූයේ ඉතා දුෂ්කර පසුබිමක බව ද ඔබට සිහිපත් කළ යුතුය. අප ඒ සටන අතහැරියා නම් අද මහ බැංකු අධිපති පුටුවේ සිටින්නේ ඔබ නොව අර්ජුන මහේන්ද්‍රන්ම බවද රහසක්‌ නොවේ. ඔබට ඉල්ලා අස්‌වීමට සලස්‌වා නැවත අර්ජුන මහේන්ද්‍රන් කරළියට ගෙන ඒමේ උත්සාහයක්‌ තවමත් තිබෙනවා වන්නට පුළුවන. එය අසාර්ථක වනු ඇත්තේ බැඳුම්කර මගඩිය රකින්නට සහාය නොදෙමින් මහ බැංකු අධිපතිවරයා ලෙස ඔහු නිර්භීතව තවදුරටත් කටයුතු කිරීමෙන් පමණක්‌ බවද කිව යුතුව තිබේ.


ස්‌වාධීනත්වය ආරක්‍ෂාවන
ප්‍රතිව්‍යුහකරණයක්‌ අපේක්‍ෂා කරනවා

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිව්‍යqහගත කරනු ලබන බව රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති බවද මා මෙහිදී සඳහන් කළ යුතුව ඇත. විශේෂයෙන්ම මූල්‍ය පද්ධතියේ අංශ නියාමනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ශක්‌තිමත් බලතල ලබාදීමට මුදල් නීති පනත හා බැංකු පනත යාවත්කාලීන කිරීම හා නීතිමය සංශෝධන හඳුන්වා දෙන ඵලදායී ප්‍රතිව්‍යqහකරණ ක්‍රියාවලියක්‌ සතුටින් පිළිගැනීමට අපි කැමැත්තෙමු. තවද, එය මහ බැංකුවේ විශ්වසනීයත්වය ඉහළ නැංවීම කෙරෙහි උපකාරී වනු ඇති අතර, ස්‌වාධීනත්වය ආරක්‍ෂා කරමින් එහි කාර්යයන් වඩාත් කාර්යක්‍ෂමව ඉටු කිරීමට අවකාශ සලසනු ඇතැයි අපි විශ්වාස කරමු.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.