සමුගැනීමේ උත්සවයේදී
බරක්‌ ඔබාමා කඳුළු සලයි


ඹබාගේ දේශනයට සවන් දෙන අවස්‌ථාවේ කඳුළු සැලූ දියණිය මලියා

ජනාධිපති ධූරයෙන් සමුගැනීම නිමිත්තෙන් ජනාධිපති බරක්‌ ඔබාමා චිකාගෝ නුවරදී පැවැත් වු සමුගැනීමේ උත්සවයේදී කඳුළු සලා ඇත. ඔබාමා සිය අවසන් කතාව පැවැත් වූයේ චිකාගෝ නගරයේදීය.

ඔහු සිය කතාවේදී දියණියන් දෙදෙනාට ප්‍රණාමය පුද කළේය. මෙම අවස්‌ථාවට 18000 ක පිරිසක්‌ සහභාගි වී ඇත. ඔබාමා තම අවසන් කතාව කරන අවස්‌ථාවේ ඔහුගේ වැඩිමහල් දියණිය මලියාද කඳුළු සලා ඇත. තම දියණියන් දෙදෙනාගේ පියාවීම තමාට ආඩම්බරයක්‌ බවද ඔබාමා හැඟුම්බරව පළ කළේය.

අට වසරක්‌ තිස්‌සේ ජනාධිපතිධූරය දැරූ තමාගේ නරකම දවස සමුගැනීමේ දිනය බවද ඔබාමා වැඩිදුරටත් කියා සිටියේය.

ඇමරිකාවේ නිව්ටවුන් නගරයේ සිදු වු ඝාතනයේදීද ඔබාමා කඳුළු සලා ඇත.

ඔබාමා සිය සමුගැනීමේ උත්සවය චිකාගෝ නුවර පැවැත්වීමට තීරණය කළේ දියණියන් දෙදෙනා උපත ලැබුවේ චිකාගෝ නුවර නිසාය.
 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.