යේමනයේ ප්‍රාථමික පාසලකට එල්ල වූ
සවුදි මිසයිල ප්‍රහාරයෙන් ළමයි 8 ක්‌ මියයති


යේමනයේ ඝානා නුවර ප්‍රාථමික පාසලකට එල්ල වූ සව්දි ගුවන් ප්‍රහාරයෙන් ළමුන් අට දෙනෙක්‌ මරුමුවට පත්ව ඇත.

යේමන ප්‍රවෘත්ති සේවය පවසන්නේ ළමුන් 15 ක්‌ තුවාල ලබා ඇති බවයි. නේහම් නමැති එම ප්‍රාථමික පාසල මුළුමනින්ම විනාශ වී ඇත.

යේමන් හමුදා නිලධාරීන් පැවසුවේ ගවුස්‌ ගරිල්ලන් රැගත් වාහනයකට එල්ල වූ මිසයිල ප්‍රහාර වැරදීමකින් ප්‍රාථමික පාසලට එල්ල වී ඇති බවයි.
 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.