තුර්කියේ පොලිස්‌ ස්‌ථානයකට කඩා වැදීමට
උත්සාහ කළ ත්‍රස්‌තයා මැරුම්කයි


තුර්කියේ ගැසියන්වෙස්‌ පොලිස්‌ කාර්යාලය වෙත ඇතුළුවීමට උත්සාහ කළ ත්‍රස්‌තයෙක්‌ පොලිසිය විසින් වෙඩි තබා මරා දමා ඇත. මොහු පොලිස්‌ නිලධාරීන්ට වෙඩි තබමින් මාර්ග බාධකය හරහා පොලිස්‌ කාර්යාලයට කඩා වැදීමට තැත් කර තිබේ. මේ බව තුර්කි නියෝජ්‍ය අගමැති හුමාන් කර්වුල්වුස්‌ හෙළි කළේය.

මැරුම් කෑ ත්‍රස්‌තයා සමඟ පැමිණි තවත් ත්‍රස්‌තයන් දෙදෙනෙක්‌ පැන ගොස්‌ ඇත.

මෙහිදී එක්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ද තුවාල ලබා තිබේ.


 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.