ඇෆ්ගනිස්‌තානයේ කාබුල් නුවර
බෝම්බ පිපිරීමෙන් 38 ක්‌ මරුට


ඇෆ්ගනිස්‌තානයේ කාබුල් නගරයේ සිදු වූ පිපිරීම් දෙකකින් 38 ක්‌ මියගොස්‌ 70 ක්‌ තුවාල ලබා ඇත. මරාගෙන මැරෙන බෝම්බකරුවකු සහ වාහන බෝම්බයක්‌ මගින් මෙම පිපිරීම් සිදු වී තිබේ. තුවාල ලැබූවන් අතර විදේශ තානාපතිවරුන්ද සිටින බව හෙළි වී ඇත.

එක්‌ බෝම්බ පිපිරීමක්‌ සිදු වී ඇත්තේ කාබුල් නුවර පාර්ලිමේන්තුව අසලදීය.

මෙම බෝම්බ පිපිරීම් සිදුකර ඇත්තේ තාලිබාන් ත්‍රස්‌තයන් බව හෙළි වී ඇත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.