හිටපු සර්බියානු නායකයාගේ උපදේශකට
යුද අපරාධ චෝදනා එල්ල වෙයි


මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කළ බව දන්වමින් සර්බියානු නායකයාව සිටි රඩෝවාන් කරාද්සින්ගේ උපදේශක ජෝවන් ටින්ටර්ට එරෙහිව සෙරජිවෝ නුවර බොප්නියා අධිකරණය හමුවේ නඩු පවරා ඇත.

බොස්‌නියා සහ ක්‍රෝට්‌ ජාතිකයන් මරාදැමීම නීති විරෝධී ලෙස රඳවා ගැනීම යන චෝදනා ඔහුට එල්ල වී තිබේ. මේ හැර මාස හතක්‌ වූ ගැබිනියක්‌ මරා දැමීමේ චෝදනාවද ඔහුට එල්ල වී ඇති බව බොස්‌නියා බලධාරීහු පවසති.

තමා සියලු චෝදනාවලට නිවැරදිකරු බව ඔහු පවසා ඇත. ජෝවාන් ටින්ටර් කිසිදු අපරාධයක්‌ කර නැති බව ඔහුගේ නීතිවේදී නිනා නිඩින් සඳහන් කර තිබේ. ටින්ටර්ට එරෙහි නඩු විභාගය ජනවාරි 16 දා තෙක්‌ දිගටම පැවැත්වේ.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.