සර්බියාවේ අධික ශීතල දේශගුණ තත්ත්වය නොතකා
සංක්‍රමණිකයෝ ආහාර ලබා ගැනීමට දිගු පෝලිම්වල


සර්බියාවේ පවතින අධික ශීතල දේශගුණික තත්ත්වය නිසා සංක්‍රමණිකයන් විශාල පිරිසක්‌ ආහාර ලබා ගැනීමට දිගු පෝලිම් වල සිටින බව හෙළි වී ඇත. නැගෙනහිර යුරෝපයේ උෂ්ණත්වය පැරන්හයිට්‌ අංශක 22 ට අඩු වී තිබේ. අධික ශීතලයට ගොදුරු වී විසිපස්‌ දෙනෙක්‌ මරුමුවට පත් වී ඇත. මේ ඡායාරූපයෙන් දිස්‌වන්නේ සර්බියාවේ බෙල්ග්‍රේඩ් නුවර සංක්‍රමණිකයන් ආහාර ලබා ගැනීමට පෝලිමේ සිටින අයුරුයි මෙම දර්ශනය 2 වැනි ලෝක මහා යුද්ධයේදී ජනතාව ආහාර ලබා ගැනීමට පෝලිම්වල සිටි අයුරු සිහිපත් කරයි.




 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.