නෝර්වේ සමූලඝාතකයාගේ මානව හිමිකම් කඩවීමේ නඩුවේ
නීතිගාස්‌තු ගෙවන ලෙස රජයට නියෝග කරයි


77 කට අධික පිරිසක්‌ මරා දැමූ නෝර්වේහි සමුලඝාතකයා වූ ඇන්ඩ්‍රයස්‌ බ්‍රේවික්‌ගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවට අධිකරණය දුන් තීන්දුවට එරෙහිව නෝර්වේ රජය අභියාචනයක්‌ ඉදිරිපත් කර ඇත.

තමාට සිර ගෙදරදී අමානුෂික ලෙස සලකන බව දන්වමින් ඔහු අධිකරණය වෙත පැමිණිලි කර තිබුණි. 37 හැවිරිදි බ්‍රේවික්‌ 2011 වසරේදී මෙම මිනිස්‌ ඝාතනය සිදු කර ඇත.

බ්‍රේවික්‌ගේ මානව හිමිකම් කඩකිරීම ගැන යුරෝ 32000 ක නීතිගාස්‌තු ගෙවන ලෙසද අධිකරණය නෝර්වේ රජයට නියෝග කර තිබේ. ඔහුට වසර 21 ක සිරදඬුවමක්‌ නියම වී තිබුණි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.