2017 ජනවාරි 11 බ්‍රහස්‌පතින්දා

 
 

   Divaina Editor
    contact webmaster
   
ඉනෆ්ලුවෙන්සාවෙන්
මහනුවර රෝහලේ රෝගීහු 3ක්‌ මරුට

සිටියේ වකුගඩු ඒකකයේ - තවත් තිදෙනකුට වැළඳිලා
කුඩා දරුවන්, ගර්භණී කාන්තාවන්, කිරිදෙන මවුවරුන්, අත්‍යවශ්‍ය කාරණයක්‌ හැරුණු විට මහනුවර රෝහලට එන්න එපා - රෝහල් අධ්‍යක්‍ෂ
මහනුවර මහ රෝහලේ පැතිර යන ඉනෆ්ලුවෙන්සා එච් වන් එන් වන් වසංගත රෝගය හේතුවෙන් තිදෙනකු මියගොස්‌ ඇති බවත් තවත් තිදෙනකුට රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත් මහනුවර මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

ජී.එස්‌.පී. ප්ලස්‌ සහනය ශ්‍රී ලාංකිකයන් ලැබූ ජයක්‌
- අගමැති කියයි

ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය යළි ලබා ගැනීමට හැකිවීම යහපාලන රජය ලබාගත් ජයග්‍රහණයක්‌ නොව මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ගේ ජයග්‍රහණයක්‌ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

ඒකීය රාජ්‍යයක්‌ තුළ බලය විමධ්‍යගත කරන ව්‍යවස්‌ථාවක්‌
සම කැබිනට්‌ ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පාලන කාලය තුළ සකස්‌ කළ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව රට කලාපවලට වෙන් වී ෆෙඩරල් ක්‍රමයටත් එහා ගිය බලය බෙදීමක්‌ ඇති වන බවත් වත්මන් රජය සකස්‌ කරනුයේ ඒකීය රාජ්‍යයක්‌ තුළ බලය විමධ්‍යගත කරන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ බවත් සම කැබිනට්‌ ප්‍රකාශක සහ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති දොස්‌තර රාජිත සේනාරත්න මහතා ඊයේ (11 වැනිදා) කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

කෝට්‌ටේගොඩ ඝාතනයට
එකම පවුලේ 5 ක්‌ ගස්‌

කතුන් 3 ක්‌ පිරිමි 2 ක්‌
2009 ජනවාරි 15 දා කෝට්‌ටේගොඩදී පුද්ගලයකුට පහරදී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවූ එකම පවුලේ පස්‌ දෙනකුට ඊයේ (11 දා) මාතර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් මරණ දඬුවම් නියම කරන ලදී.

රවිරාජ් ඝාතන නඩුව
යළි විභාගයට ගන්න

නීතිපතිගෙන් පෙත්සමක්‌
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාඡ් ඝාතන නඩුව සාක්‌ෂි කැඳවා යළි විභාගයට ගැනීමට මහාධිකරණයට නියෝගයක්‌ නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවට අභියාචනා පෙත්සමක්‌ ගොනු කරනු ලැබිණි.

ආණ්‌ඩුව නීතිය නමන හැටි විමල් අත්අඩංගුවට ගැනීමෙන් පෙනෙනවා
- ඩලස්‌ අලහප්පෙරුම
ආණ්‌ඩුව තමන් කැමැති පාර්ශ්වයන්ට රාජ්‍ය නීතිය ක්‍රියාත්මක කරන ආකාරයත්, ආණ්‌ඩුවට එරෙහි පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය නමන ආකාරයත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීමෙන් නැවතත් පැහැදිලිවන්නේ යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි 400 ක්‌
ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි 400 ක්‌ ලැබී ඇත.

ඩෙංගු කළුබෝවිල
රත් කරයි
සෞඛ්‍ය
බලධාරීන්ට එරෙහිව
කළුබෝවිල රෝහලේ සේවකයෝ පාරට බහී

ඩෙංගු රෝගයෙන් කළුබෝවිල දකුණු කොළඹ ශික්‌ෂණ රෝහල් සේවක සේවිකාවන් තිදෙනකු මරුමුවට පත්වීම හා එහි තවත් රෝහල් සේවකයන් රැසක්‌ ඩෙංගු වැළඳී රෝහල්ගතවීම පිළිබඳ සෞඛ්‍යය අමාත්‍යංශ බලධාරීන්ගේ එතරම් අවධානයක්‌ යොමු නොවීම හේතුවෙන් එම රෝහල් සෞඛ්‍ය කාර්ය සහායක - සහායිකාවන් ඊයේ (11 වැනිදා) දහවල් එම රෝහල ඉදිරිපිට පැයකට ආසන්න කාලයක්‌ උද්ඝෝෂණයේ නියෑලුණහ.


මොරගහකන්ද ජලාශයට
|මංගල දියවර
මුදාහැරීමේ උත්සවය
මගේ ජීවිතයේ වඩාත්ම සතුටුවන දිනය අදයි
රජරට ජනතාවගේ දුක්‌කම්කටොළු අදින්
පසු නිමයි

ජනාධිපති
මෛත්‍රිපාල සිරිසේන

රට දියුණු කළ යුත්තේ කෘෂිකර්මාන්තය තුළින් බවත් ඒ සඳහා ගොවීන්ට රජයෙන් සැපයෙන සියලු පහසුකම් තවදුරටත් පුළුල් කෙරෙන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.


කැලණි විහාරයේ නව ධාතු මන්දිරය බැති පුදට....
ඓතිහාසික කැලණිය රජමහා විහාරස්‌ථානයේ ඉදි කළ නව ධාතු මන්දිරය ඉකුත්දා විවෘත කෙරිණි. ඉතා සිත් බැඳ ගන්නා අයුරින් දැවයෙන් නිර්මාණය කර ඇති එම ධාතු මන්දිරයේ ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති අයුරු ඡායාරූපයේ දැක්‌වේ. ඡායාරූපය- නිශාන් එස්‌. ප්‍රියන්ත


කැලණිය
මහා පෙරහැර...


ඓතිහාසික කැලණිය රාජමහා විහාරස්‌ථානයේ වාර්ෂික දුරුතු මහා පූජෝත්සවයේ අවසන් මහ පෙරහැර ඊයේ (11දා) රාත්‍රියේ වීථි සංචාරය කරනු ලැබීය. එහිදී කැලණිය රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‌ත නාහිමියෝ ප්‍රධාන බස්‌නායක නිලමේ ධම්මික ආටිගල මහතා වෙත සධාතුක කරඬුව භාර දුන් අයුරු මෙහි දැක්‌වේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද ඡායාරූපයේ වෙති.
ඡායාරූප - සමන් අබේසිරිවර්ධන


ජනපති මොරගහකන්ද පළමු දියවර නිකුත් කරයි
මොරගහකන්ද ජල යෝජනා ක්‍රමය ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (11 දා) පළමු දියවර නිකුත් කළ අයුරු ඡායාරූපයෙන්a දැක්‌වෙයි. ඡායාරූප - කරුණාරත්න ගමගේ

විමල් අද සිල් ගනී

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නිවාස ඇමැති සහ ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා දුරුතු පුන් පොහොය වන අද (12 දා) සිල් සමාදන් වීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවට යළි ජීඑස්‌පී ප්ලස්‌ සහනය ලැබේ

රෙදි පිළි සහ මත්ස්‍ය සම්පත් යුරෝපා රටවලට අපනයනය කිරීමේදී ශ්‍රී ලංකාවට නැවත වරක්‌ ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය ලබාදීමට යුරෝපා කොමිසම ඊයේ (11 වැනිදා) යෝජනා කර ඇත.

හම්බන්තොටදි භික්‍ෂූන්ට පහරදීම අනුමත කරන්නේ නෑ
- ඇමැති විජිතමුණි සොයිසා

හම්බන්තොට උද්ඝෝෂණයට එක්‌ව සිටි භික්‍ෂූන් වහන්සේලාට පහරදීම අනුමත නොකරන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති විජිත් විජිතමුණි සොයිසා මහතා ප්‍රකාශ කළේය.

ගුවන් තැපෑලෙන් ගෙනා කෝටි
1/2 ක කුඩු හා ගංජා රේගු දැලේ
ගුවන් තැපෑල හරහා ස්‌පඥ්ඥයේ සිට ශ්‍රී ලංකාවට නීති විරෝධීව රැගෙන ආ රුපියල් ලක්‍ෂ 50 කට ආසන්න වටිනාකමක්‌ ඇති ගංජා සහ හෂීෂ් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක්‌ අත්අඩංගුවට ගැනීමට තැපැල් දෙපාර්තමේන්තුවේ හා රේගුවේ නිලධාරීන් ඊයේ (11 දා) සමත් වී ඇත.

විග්නේෂ්වරන් කැනඩාවේදී  හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ඉල්ලයි
ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව පරීක්‍ෂණ පැවැත්වීම සඳහා ජාත්‍යන්තර විනිසුරන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක්‌ අවශ්‍ය බව උතුරු මහ ඇමැති විග්නේශ්වරන් කැනඩාවේ දී ප්‍රකාශ කර ඇත.

විදෙස්‌ ආයෝජකයන් රටට පැමිණිවිට
දේශීය ආයෝජකයන්ද ශක්‌තිමත් වී
එහි වාසිය
ජනතාවට ලැබෙනවා

අගමැති රනිල් වික්‍රමසිංහ

විදේශීය ආයෝජකයන් ඉදිරියේදී රටට පැමිණෙන විට දේශීය ආයෝජකයන්ද ශක්‌තිමත් වී එහි වාසිය සියලු ජනතාවට ලැබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


  • ඓතිහාසික රුහුණු මාගම්පුරයේදී
    මහා සංඝරත්නයේ ලේ සොලවමින්
    ආණ්‌ඩුවේ දෙවර්ෂ පූර්ණය සැමරුවා

    ඩලස්‌ අලහප්පෙරුම

    ඓතිහාසික රුහුණු මාගම්පුරයේදී මහා සංඝරත්නයේ ලේ සොලවමින් ආණ්‌ඩුවේ දෙවර්ෂ පූර්ණය සැමරූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
     
  • පෝදා සිතුවිලි
    බුදුරදුන් ප්‍රථමවරට ලක්‌දිවට
    වැඩම කළ උතුම් දුරුතු පෝය

    සම්බුද්ධත්වයෙන් මාස නවයකට පසු බුදුරජාණන් වහන්සේ ලක්‌දිව මහියංගන ප්‍රදේශයට වැඩම කොට යක්‍ෂ ගෝත්‍රිකයන් දමනය කොට ලක්‌වැසියන්ට පළමුවරට ධර්මය දේශනා කළ දුරුතු පුර පොහොය අදයි.පළමුවරට බුද්ධ පාද ස්‌පර්ශයෙන් ලංකාව පවිත්‍ර භූමියක්‌ වූ පොහොය ලෙස ද දුරුතු පුර පොහොය හැඳින් වේ.වංශ කතා සාහිත්‍යය අනුව බුදුරදුන් උරුවෙල් දනව්වට වැඩම කොට...
     
  • වසරේ මුල් දින 10 ට
    ඩෙංගු රෝගීහු 1000 ක්‌

    මෙම මස ගතවූ මුල් දින දහය තුළදී දිවයිනෙන් ඩෙංගු රෝගීන් 1000 ක්‌ දෙනා වාර්තා වී ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.මෙම රෝගීන්ගෙන් වැඩි දෙනකු වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ, යාපනය, මහනුවර යන ප්‍රදේශවලිනි.කෙසේ වුවද වසංගත රෝග ඒකකය විසින් සිය වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ මෙම මස...
 
  • ගැටලු විසඳන්නැයි අම්පාරේ
    ගොවීහු උද්ඝෝෂණය කරති

    අම්පාර දිස්‌ත්‍රික්‌කයේ ගොවීන්ගේ ගැටලුවලට වහා විසඳුම් ලබා දෙන ලෙස රජයට බල කිරීමේ උද්ඝෝෂණයක්‌ ඊයේ (11 දා) උදේ අම්පාර දිසා ලේකම් කාර්යාලය ඉදිරිපිට දී පැවැත් වූහ.'ජනපතිදුනි ඉඩමේ අයිතිය ලබා දෙන්න', 'ගොයමට දින 50යි', 'පොහොර තාම ලැබී නැත' , 'උක්‌ සඳහා වැඩි කළ රු. 250 ලබා දෙනු', 'පොහොර සහනාධාරය ලබා දෙනු' යනුවෙන් විවිධ...

 

  • දකුණු අප්‍රිකාවේ තණතීරුවල වේගය සහ දෝලනයට
    'අපි පදම් විය යුතුයි'
    ධනංජය ද සිල්වා
    තරග තුනකින් සමන්විත ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලිය දකුණු අප්‍රිකාව හමුවේ කලින්ම පරාජයට (2-0) පත්වූ ශ්‍රී ලංකා පිල සිය ගෞරවය රැක ගැනීම උදෙසා තෙවැනි ටෙස්‌ට්‌ තරගයට අද (12 දා) ජොහැන්නස්‌බර්ග් හිදී සහභාගි වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.30 ට පමණ ආරම්භ වීමට නියමිතය.ජොහැන්නස්‌බර්ග් හිදී ශ්‍රී ලංකා පිල ටෙස්‌ට්‌ තරගයට...

  





 
 contact divaina

 

Powered By -

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.