ජී.එස්‌.පී. ප්ලස්‌ සහනය
ශ්‍රී ලාංකිකයන් ලැබූ ජයක්‌

- අගමැති කියයි


ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය යළි ලබා ගැනීමට හැකිවීම යහපාලන රජය ලබාගත් ජයග්‍රහණයක්‌ නොව මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ගේ ජයග්‍රහණයක්‌ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ.

ජනතා අයිතිවාසිකම් හා හිමිකම් ආරක්‌ෂා කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලීම සඳහා පසුගිය දෙවසර තුළ රජය සිදුකළ කැපවීමෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය යළි ලබා ගැනීමට හැකිවිය.

මෙය යහපාලන රජය විසින් ලබා ගත් ජයග්‍රහණයක්‌ පමණක්‌ නොවේ. මෙය මුළු මහත් ශ්‍රී ලාංකිකයන් විසින්ම ලද ජයකි.

ඇඟලුම් ඇතුළු දේශීය නිෂ්පාදනයන්ට මේ නිසා වඩාත් පුqළුල් ලෙස යුරෝපීය වෙළෙඳපොළට යළි ප්‍රවේශ වීමේ අවකාශ සැලසෙනු ඇත. මේ නිසා නව රැකියා අවස්‌ථා ගණනාවක්‌ මෙන්ම නව ආදායම් මාර්ග රැසක්‌ ද අප රට තුළ නිර්මාණය වනු ඇත.

ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය යළි ලබා ගැනීම සඳහා කැපවීම් කළ හා වෙහෙසුණු අය මෙන්ම සහය ලබා දුන් අයද බොහෝය. ඒ සියලු දෙනාට ස්‌තුතිය පළ කිරීමට ද මෙය අවස්‌ථාව කර ගනිමි.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.