කෝට්‌ටේගොඩ ඝාතනයට
එකම පවුලේ 5 ක්‌ ගස්‌

කතුන් 3 ක්‌ පිරිමි 2 ක්‌


මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කු

2009 ජනවාරි 15 දා කෝට්‌ටේගොඩදී පුද්ගලයකුට පහරදී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවූ එකම පවුලේ පස්‌ දෙනකුට ඊයේ (11 දා) මාතර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් මරණ දඬුවම් නියම කරන ලදී.මියගිය පුද්ගලයාගේ ඥති දියණියක සමඟ ඇතිකර ගත් ප්‍රේම සම්බන්ධතාවකට විරුද්ධ වීම නිසා අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් පොලුවලින් පහරදී ඔහු මරා දැමීම පිළිබඳව මාතර මහාධිකරණයේ පැවැති නඩු විභාගයේදී වරදකරුවන් වූ ගන්දර කාන්තාවන් තිදෙනකුට සහ පිරිමින් දෙදෙනකුට මෙසේ මරණීය දණ්‌ඩනය නියම විය.

2009 ජනවාරි 15 දිනට ආසන්න දිනයකදී කෝට්‌ටගොඩ දී ඉලංගසිංහ චන්ද්‍රදාස (49) යන අයට පොලුවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුෂ්පකරන් මිත්‍රකුමාර, ප්‍රියානි කරුණානායක, රංජනී කරුණානායක, සංජීව ප්‍රියන්ත ජයසිංහ, අයිරාංගනී කරුණානායක යන අයට මෙසේ මරණ දඬුවම නියම විය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ නුවන් කෞශල්‍ය සහ අධි නීතිඥ සමදනී පියසේන යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.