ශ්‍රී ලංකාවට යළි ජීඑස්‌පී ප්ලස්‌ සහනය ලැබේ

උපාලි ද සේරම්

රෙදි පිළි සහ මත්ස්‍ය සම්පත් යුරෝපා රටවලට අපනයනය කිරීමේදී ශ්‍රී ලංකාවට නැවත වරක්‌ ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය ලබාදීමට යුරෝපා කොමිසම ඊයේ (11 වැනිදා) යෝජනා කර ඇත. සංවර්ධනය වෙමින් පවතින රටක්‌ ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇති යුරෝපා කොමිසම වත්මන් රජයේ යහපාලන පිළිවෙත අනුව නැවත වරක්‌ මෙම බදු සහනය ලබාදීම පිළිබඳව සෑහීමකට පත්ව තිබේ.

මානව හිමිකම්, කම්කරු ප්‍රතිපත්ති, පරිසර සංරක්‌ෂණය ඇතුළු අන්තර් ජාතික කොන්දේසි 27 ක්‌ පිළිබඳව සලකා බලා ඇති යුරෝපා කොමිසම වත්මන් රජය එම කොන්දේසි ඉටු කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව සෑහීමකට පත්ව ඇත.

යුqරෝපා රටවලට රෙදිපිළි සහ මත්ස්‍ය සම්පත් අපනයනයේදී අයකරනු ලැබූ 66% බදු මෙම සහනයත් සමග සම්පූර්ණයෙන් ඉවත් වේ.

යුරෝපා කොමිසම විසින් 2010 වසරේ සිට ශ්‍රී ලංකාවට ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය අත්හිටුවා තිබුණි.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.