හම්බන්තොටදි භික්‍ෂූන්ට
පහරදීම අනුමත කරන්නේ නෑ

- ඇමැති විජිතමුණි සොයිසා


ලසිත දුමින්ද

හම්බන්තොට උද්ඝෝෂණයට එක්‌ව සිටි භික්‍ෂූන් වහන්සේලාට පහරදීම අනුමත නොකරන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති විජිත් විජිතමුණි සොයිසා මහතා ප්‍රකාශ කළේය.

එදින උත්සවයට සහභාගි වීමට ගිය තමා ජීවිතය බේරා ගත්තේ බොහොම අමාරුවෙන් බව ද හෙතෙම ඊයේ (11 වැනිදා) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

විරෝධතාකරුවන් විසින් හම්බන්තොට ආයෝජන කලාප භූමිය ආක්‍රමණය කරගෙන සිටි බව ද ඇමැතිවරයා කීවේය.

විවිධ කණ්‌ඩායම් විසින් බොරු ප්‍රචාර යවමින්, නොමග යවා ජනතාව උසිගන්වා ඇතැයි ද, හම්බන්තොට ආයෝජන කලාපය මහින්ද චින්තනය ඉදිරියට ගෙන යැමක්‌ පමණක්‌ සිදුවන බව ද ඔහු සඳහන් කළේය.

හම්බන්තොට ආයෝජන කලාපය හරහා දුප්පත්කමට, වකුගඩු රෝගයට, විරැකියාවට හොඳ විසඳුමක්‌ ලැබෙන බව කී ඇමැතිවරයා මෙරට ඉඩම් කිසිදු අවස්‌ථාවක චීනයට විකුණන්නේ නැති බව ද වැඩිදුරටත් පැවසීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.