ගුවන් තැපෑලෙන් ගෙනා කෝටි
1/2 ක කුඩු හා ගංජා රේගු දැලේ


ප්‍රියදර්ශන ලියනගේ

ගුවන් තැපෑල හරහා ස්‌පඥ්ඥයේ සිට ශ්‍රී ලංකාවට නීති විරෝධීව රැගෙන ආ රුපියල් ලක්‍ෂ 50 කට ආසන්න වටිනාකමක්‌ ඇති ගංජා සහ හෂීෂ් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක්‌ අත්අඩංගුවට ගැනීමට තැපැල් දෙපාර්තමේන්තුවේ හා රේගුවේ නිලධාරීන් ඊයේ (11 දා) සමත් වී ඇත.එම පාර්සලය ශ්‍රී ලංකාවට එවා තිබෙන්නේ ඉතාලියේ සිට ස්‌පාඥ්ඥයට යවා ඉන් අනතුරුවයි.

ශ්‍රී ලංකාවට මේවා එවා ඇත්තේ බµල් තුළ සඟවාය.

මෙම පාර්සලය තුළ ගංජා මිලි ග්‍රෑම් 1300 ක්‌ සහ හෂීස්‌ ග්‍රෑම් 84 ක්‌ තිබෙන බව පාර්සලය විවෘත කිරීමෙන් පසු සොයාගෙන තිබේ. එම පාර්සලය එවා තිබෙන්නේ මත්තේගොඩ සුපිරි නිවාස සංකීර්ණයක ලිපිනයකටය.

එම පාර්සලය ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ නොවැම්බර් මාසයේ වන අතර පාර්සලය පිළිබඳව ඇති වූ සැකයක්‌ මත එය නිදහස්‌ කිරීම කල් තබා තිබිණි.

වැඩිදුර පරීක්‍ෂණ කටයුතු පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිදුÊකරගෙන යනු ලබයි.

ගුවන් මගින් මෙලෙස නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය රැගෙන ඒම කලක සිට මහා පරිමාණයෙන් සිදු කරගෙන යනු ලැබේ. මේ පිළිබඳව 'දිවයින' පුවත්පත මගින් මීට පෙර අවස්‌ථා ගණනාවකදීම හෙළිකර ඇත. මෙම ජාවාරම මැඬලීමට තැපැල් දෙපාර්තමේන්තුව හා රජය ඵලදායී කිසිදුÊපියවරක්‌ ගෙන නැති බව මෙයින් මනාව තහවුරු වන බව තැපැල් වෘත්තීය සමිති නායකයෝ චෝදනා කරති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.