මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ එන
අය අල්ලන්න 'කෝරා' එයි


හැටන්- මනුර සුදත් සෙල්ලහේවා

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා නිල සුනඛයකුගේ සහාය ලබා ගැනීමට හැටන් මූලස්‌ථාන පොලිසිය මඟින් පියවර ගෙන ඇත.

හැටන් මූලස්‌ථාන පොලිසියේ නිල සුනඛ අංශය සඳහා මේ වන විට නිල සුනඛයන් දෙදෙනකු අනුයුක්‌ත කර ඇති අතර, මත්ද්‍රව්‍ය වැටලීමට හා විවිධ අපරාධවල සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා එම නිල සුනඛයන්ගේ සහාය ලබා ගැනීමට හැටන් මූලස්‌ථාන පොලිසිය මඟින් පියවර ගෙන ඇත.

මෙහිදී මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා පො. කො. (43270) නිමල් කරුණාතිලක යටතේ සේවය කරනු ලබන කෝරා නමැති නිල සුනඛයා උපයෝගී කර ගන්නා අතර එම නිල සුනඛයා විසින් 2017 ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වූ මෙම කෙටි කාලය තුළදී මත්ද්‍රව්‍ය (හෙරොයින් හා කේරළ ගංජා) රැගෙන පැමිණි තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා සහය ලබා දී ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.