සංහිඳියා බළකායේ යෝජනාව
රජය ප්‍රතික්‌ෂේප කරයි


කීර්ති වර්ණකුලසූරිය

රජයේ සංහිඳියා බළකාය නිර්දේශ කර ඇති යුද හමුදාවම පුනරුත්ථාපනය කළ යුතු යෑයි දැක්‌වෙන යෝජනාව ක්‍රියාත්මක කිරීම රජය ප්‍රතික්‌ෂේප කර ඇත.

මෙම යෝජනාව තුළින් හමුදාවට බරපතළ අවමානයක්‌ සිදු වන බව හිටපු ජ්‍යෙෂ්aඨ නාවික හමුදා නිලධාරියකු වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.

ලෝකයේ කිසිම රටක්‌ තම හමුදාව පුනරුත්ථාපනය කර නැහැ. හමුදාව පුනරුත්ථාපනය කළ යුතු යයි නිර්දේශ කරන්නේ හමුදාවේ ඉන්නේ පිස්‌සෝ කියා සිතලාදැයි ඔහු ප්‍රශ්න කර සිටී.

හමුදාවට එරෙහිව භයානක නිර්දේශ එම බළකා වාර්තාවේ දැක්‌වෙන බවද වීරසේකර මහතා කියයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.