විග්නේෂ්වරන් කැනඩාවේදී
හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ඉල්ලයි


කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව පරීක්‍ෂණ පැවැත්වීම සඳහා ජාත්‍යන්තර විනිසුරන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක්‌ අවශ්‍ය බව උතුරු මහ ඇමැති විග්නේශ්වරන් කැනඩාවේ දී ප්‍රකාශ කර ඇත.

කැනඩාවේ ටර්කනම් නගරයේදී පෙරේදා (10දා) පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම මේ බව අනාවරණය කර තිබේ.

දේශීය අධිකරණ යාන්ත්‍රණයක්‌ කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බවද උතුරු මහ ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ. රවිරාඡ් ඝාතනයට අදාළ චූදිතයන් නිදහස්‌ වීමෙන් ඒ බව සනාථ වන බව පවසා ඇති ඔහු ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනා විමර්ශනය කිරීමේ වගවීමේ යාන්aත්‍රණයට අනුග්‍රහය දක්‌වන ලෙස කැනඩාවේ ද්‍රවිඩ ඩයස්‌ පෝරාවෙන් ඉල්ලා තිබේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.