අපි හැදුවේ සතයක්‌වත් වියදම් නොකර ඉවත් කරන්න
රටේ මුදල් වැයකර මීතොටමුල්ල
කුණු කන්ද ඉවත් කරන්න හදනවා

- බස්‌නාහිර මහ ඇමැති


චමින්ද සිල්වා

අපි මීතොටමුල්ල කුණු කන්ද සතයක්‌වත් නොදී ඉවත් කරන්න හැදුවත් නාගරික සංවර්ධන අධිකාරිය රජයේ මුදල් වැයකර එය ඉවත් කිරීමට සූදානම් වනවා යෑයි බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ඊයේ (11 වැනිදා) පැවැසීය.

බස්‌නාහිර පළාත් සභාව එංගලන්ත සමාගමක්‌ සමඟ ගිවිසුම්ගතව එම ව්‍යාපෘතිය ආරම්භ කළා නම් මේ වනවිට කුණු කන්ද ඉවත්කර අවසන් බවද මහ ඇමැතිවරයා ඊයේ බස්‌නාහිර පළාත් අධ්‍යාපන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද කීය.

අපි සතයක්‌වත් රටේ මුදල් වැය නොකර එංගලන්ත සමාගමක්‌ සමඟ ගිවිසුම්ගතව මීතොටමුල්ල කුණු කන්දෙන් ව්‍යාපෘතියක්‌ ආරම්භ කරන්න සැලසුම් කළා. නමුත් එම සමාගමේ කුණු පවිත්‍ර යන්ත්‍ර සවිකිරීමට කුණු කන්ද ආසන්නයෙන් ඉඩම් කැබැල්ලක්‌ ලබා ගැනීමට නොහැකිවීම නිසා එම ව්‍යාපෘතිය ඇනහිටියා.

නමුත් මේ වනවිට කුණු කන්ද ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ටෙන්ඩර් කැඳවලා තියෙනවා. මේකෙන් සිදුවන්නේ අපේ රටේ මුදල් වැයකිරීමක්‌. මේ ව්‍යාපෘතියට පළාත් සභාවත් සම්බන්ධ කරගෙන තිබෙනවා. එය හරියට නාගරික සංවර්ධන අධිකාරිය බබා හදලා පළාත් සභාවට බලාගන්න දුන්නා වගේ වැඩක්‌ තමයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.