මොරගහකන්ද සත්‍යග්‍රහය අවසන්

දඹුල්ල - සරත් එරමිණිගම්මන

මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘති කාර්යාලයට ඉදිරිපිට පවත්වා ගෙන ගිය අඛණ්‌ඩ සත්‍යග්‍රහය (09 දා) අවසන් කිරීමට තීරණය කළ බව මොරගහකන්ද ජන අයතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති චන්ද්‍රසිරි බණ්‌ඩාර මහතා පැවැසීය.

මහවැලි අධ්‍යක්‌ෂ ජනරාල් අනුර දිසානායක මහතා විසින් ලිතව ලබාදුන් පොරොන්දුවක්‌ මත මෙම තීරණය ගත් බව හෙතෙම කීය.

ජලාශ ව්‍යාපෘතියට යටවන ඉඩම් සඳහා අලුතෙන් තක්‌සේරු කරන ලද 50% ක්‌ වන වන්දි මුදලෙන් 25% ක්‌ මෙම වසරේ මාර්තු 31 වෙනි දිනට පෙර ලබාදීමටත්, ඉතිරි 25% ලබන වසරේ මාර්තු මස 31 වෙනි දිනට පෙර ලබාදීමටත්, අවතැන්වූ පවුල් 800 ක්‌ සඳහා වාරි ඉඩම් අක්‌කර එකහමාර බැගින් යෝජිත කළුගඟ ව්‍යාපෘතිය යටතේ තෝරපිටිය ප්‍රදේශයෙන් ලබන මස අවසන්වීමට පෙර ලබාදීමටත් මෙහිදී පොරොන්දු වී ඇත. මේ හැර ව්‍යාපෘතිය අවසන්වීමෙන් පසු වාරිජලය ලබා දීමටත්, ව්‍යාපාරික ඉඩම් අහිමි වූ පවුල් 60 ක්‌ සදහා ව්‍යාපාරික වටිනාකමක්‌ සහිත ඉඩම් ලබන මස 15 වැනිදාට පෙර දෙන බවත්, කප්පාදු කරන ලද වියළි සලාකය පිළිබඳව ලබන මස සාකච්ඡා කර එකඟතාවකට එළැඹිමටද මෙහිදී දෙපාර්ශවය එකඟවූ බවද පෙන්වා දුන් සභාපතිවරයා සැම මසකම අවසන් සතියේ මොරගහකන්ද ප්‍රධාන ව්‍යාපෘති කාර්යාලයේදී අධ්‍යක්‌ෂක ජනරාල්වරයා සමග සාකච්ඡා කර ප්‍රගතිය විමසීමටද එකගතාවය පැමිණි බවද හෙතෙම වැඩිදුරටත් පැවසිය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.