සිවිල් ආරක්‍ෂක භටයෝ 5000ක්‌
පොලිසියට අනුයුක්‌ත කෙරෙති


ලසිත දුමින්ද

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ භටයන් පන්දහසක්‌ පොලිස්‌ දෙපාර්තමේන්තුවට අනුයුක්‌ත කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව එහි පළමු අදියර යටතේ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ භටයන් 2477 ක්‌ පොලිස්‌ දෙපාර්තමේන්තුවට (10 වැනිදා) අනුයුක්‌ත කර තිබේ.

මෙසේ පොලිස්‌ දෙපාර්තමේන්තුවට අනුයුක්‌ත කළ සිවිල් ආරක්‍ෂක භටයන් ස්‌ථානීය ආරක්‍ෂක, අධිකරණ ආරක්‍ෂක, ප්‍රභූ නිවාස, මුර සංචාර සහායක ඇතුළු රාජකාරීන් රැසක්‌ සිදුකරනු ලබන බව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මේජර් වජිර කුමාරතුංග 'දිවයින'ට පැවසීය.

මොවුන් විල්පත්තුව, අනුරාධපුර, හොරොව්පොතාන, උහන, කැබිතිගොල්ලෑව, වැලිඔය, අම්පාර, පුත්තලම, ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල, සේරුවිල, පොළොන්නරුව, මැදිරිගිරිය, මුලතිව්, කිළිනොච්චිය, මොනරාගල, මහඔය යන පොලිස්‌ ස්‌ථානවලට යොදවා ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස්‌ මත ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතාගේ මඟ පෙන්වීම මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.