රු. 4ට වඩා සත පහක්‌වත්
ලොතරැයි නියෝජිතයන්ට දෙන්නේ නෑ

ලොතරැයි මණ්‌ඩලයේ සභාපතිනිය


ප්‍රියදර්ශන ලියනගේ

ලොතරැයි අලෙවි නියෝජිතයන්ට අලෙවි කරන එක ටිකට්‌ පතක්‌ වෙනුවෙන් රුපියල් හතරකට වඩා ශත පහක්‌වත් ලොතරැයි මණ්‌ඩලය වැඩිපුර ගෙවන්නේ නැතැයි ජාතික ලොතරැයි මණ්‌ඩලයේ සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා මහත්මිය "දිවයින" ට(9 දා) පැවසුවාය.

සභාපතිනිය එසේ පැවසුවේ වර්ජනය නතර කර නැවත ලොතරැයි අලෙවියට එක්‌වූ රටපුරා විසිරී සිටින ලොතරැයි අලෙවි නියෝජිතයන්ට එක ටිකට්‌ පතක්‌ වෙනුවෙන් දැනට ගෙවන රුපියල් හතරක මුදල වැඩි කිරීමට රජය තිරණය කර තිබේ දැයි "දිවයින" කළ විමසුමකට පිළිතුරු වශයෙනි.

ජනාධිපති, අගමැති හෝ මුදල් ඇමැති රුපියල් 4 ට වැඩි මුදලක්‌ ලොතරැයි අලෙවි නියෝජිතයන්ට ගෙවන ලෙස ලොතරැයි මණ්‌ඩලයට දැනුම් දී නැහැ.

රටපුරා සිටින සියලුම ලොතරැයි අලෙවි නියෝජිතයන් වර්ජනය නතර කර නැවත ලොතරැයි අලෙවිය ආරම්භ කර තිබෙන්නේ අපේ කොන්දේසි සියල්ල පිළි අරගෙනයි.

අලෙවි නියෝජිතයන් ඉල්ලන පරිදි රුපියල් හතරකට වඩා වැඩි මුදලක්‌ ලොතරැයි නියෝජිතයන්ට ගෙවීමට සිදු වුවහොත් ලොතරැයි මණ්‌ඩලය වසා දැමීමට සිදු වන බවද සභාපතිනිය අවධාරණය කළාය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.