ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට
පිරිසිදු ජල ව්‍යාපෘතියක්‌

අජිත් අලහකෝන්

නිධන්ගත වකුගඩු රෝගය පැතිර යන සහ දැඩි ලෙස ආපදාවන්ට ගොදුරු වීමේ අවදානම ඇති ප්‍රදේශවල ජනතාවට පිරිසිදු ජලය ලබා දීමේ ව්‍යාපෘතියක්‌ ඇමරිකානු ආධාර යටතේ පසුගියදා ආරම්භ විය.

දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 150 ක්‌ වැයවන මෙම ව්‍යාපෘතිය යටතේ දකුණ සහ නැගෙනහිර පළාත්වල ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමට හැකිවනු ඇත.

මේ යටතේ වැසි ජලය රැස්‌ කිරීමේ ටැංකි ගොඩනැඟීම, ගංවතුර සහ නියං බලපෑම් අඩුකිරීම සඳහා යටිතල පහසුකම් නළ ජලය ලබාදීම සිදුකෙරේ. නිධන්ගත වකුගඩු රෝගයන්ගෙන් ආසාධිත පවුල් සහ රෝහල් ආශ්‍රිතව වැසි ජලය රැස්‌ කිරීමේ ටැංකි ඉදිකෙරේ.

එක්‌සත් ජාතීsන්ගේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ සංවිධානයද ඇමරිකා එක්‌සත් ජනපදය සමග මෙම වැඩසටහනට එක්‌ව සිටී. පසුගියදා පැවැති මෙම වැඩසටහනේ ආරම්භක අවස්‌ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේෂප් නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමැති සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ සහ එක්‌සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංවර්ධන සංවිධානයේ නිලධාරීන් සහභාගි වූහ. එහි අවස්‌ථාවක්‌ ඡායාරූපවල දැක්‌වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.