දිවයින පුරා කාසි මුදාහැරීමේ නව යාන්ත්‍රණයක්‌

ශ්‍යාම් නුවන් ගනේවත්ත

කිසිදු හිඟයක්‌ නොමැතිව මහ ජනතාවට අවශ්‍ය නෝට්‌ටු සහ කාසි ලබා ගැනීමේ හැකියාව පහසුකර ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා දීපව්‍යාප්තව කාසි මුදා හැරීමේ නව යාන්ත්‍රණයක්‌ වැඩි දියුණු කරන බවත් මහ බැංකුව කියයි.

එසේ බැංකු සමඟ ඒකාබද්ධව කාසි එකතු කිරීම සඳහා මහජනතාවට ලබාදී ඇති කාසි කැට නැවත එකතු කිරීමට අපේක්‌ෂා කරන බවද මහ බැංකුව කියයි.

මේ වසරේ 2017 දී නව කාසි එකතුවක්‌ නිකුත් කිරීම ද නියමිතය. එසේම සංසරණයේ පවතින මුදල් නෝට්‌ටුවල ගුණාත්මකභාවය වර්ධනය කර ගැනීම සඳහා මුදල් නෝට්‌ටුවල විකෘති කිරීම් වෙනස්‌ කිරීම් සහ මකාදැමීම් සිදුකරන පාර්ශව සඳහා මුදල් නීතිපනත අනුව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටද මහ බැංකුව සැලසුම් කර ඇත.

මහජනතාව පවසන්නේ රුපියල් දහයේa සහ රු. පහේ කාසිවල බලවත් හිඟයක්‌ වෙළෙඳපොළ තුළ පවතින බවත් ඒ නිසා ගනුදෙනු කිරීමේදී තමනට නිසි පරිදි ඉතුරු සල්ලි පවා නොලැබෙන බවත්ය. මේ නිසා රු. 10 සහ රු. 5 වෙනුවට ටොµs සහ කුඩා චොකලට්‌ යනාදිය ලබාදීමට වෙළඳුන් යොමුව ඇතැයිද මෙය අසාධාරණයක්‌ බවද ඔවුහු කියති. ඇතැමුන් කියන්නේ වර්තමාන රු. 10 කාසිය වෙනුවට රුපියල් දහයේ නෝට්‌ටුවක්‌ යළිත් නිකුත් කරන්නේ නම් එය පහසුවක්‌ වන බවයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.