බන්ධනාගාර සිරකරුවන්ට
ඇලුමිනියම් කෑම පෙට්‌ටි


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

මෙම වසරේ (2017) සිට සෑම සිරකරුවකුටම ආහාරපාන ලබාදීම සඳහා ඇලුමිනියම් කෑම පෙට්‌ටිය බැගින් නිකුත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

මේ පිළිබඳව රජයට යෝජනා කර ඇති අතර, අදාළ ප්‍රතිපාදන ඒ සඳහා වෙන් කර ඇතැයිද එහි ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට පැවැසීය.

සිරකරුවන්ට ආහාරපාන නිකුත් කිරීමේදී සිදු වන අසාධාරණකම් හා අඩුපාඩුකම් වළක්‌වා ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇතැයිද හෙතෙම කීය.

සිරකරුවන් 18,000 ක්‌ සඳහා මෙම වසරේ සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස්‌ කර ඇති අතර, ප්‍රථම අදියර යටතේ බන්ධනාගාර කීපයක පමණක්‌ මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

බන්ධනාගාර ඉතිහාසයේ ප්‍රථම වරට ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහනට අනුව සෑම සිරකරුවකු සඳහාම ආහාර නිකුත් කිරීමේදී මෙම ඇලුමිනියම් කෑම පෙට්‌ටි අදාළ සිර වාට්‌ටුව අසලටම රැගෙන ගොස්‌ දීම සිදු කෙරෙන බවද එම දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.