විනිමය අනුපාත සටහනට
චීන මුදලත් එක්‌වෙයි


ශ්‍යාම් නුවන් ගනේවත්ත

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෛනිකව නිකුත් කරනු ලබන ප්‍රධාන විනිමය අනුපාත සටහනට මේ වසරේ (2017) සිට ඉතිහාසයේ ප්‍රථම වතාවට චීන මුදල් ඒකකය වන යුවාන් /රෙන්මින්බි එක්‌ කිරීමට මහ බැංකුව පියවර ගෙන තිබේ.

මේ අනුව පළමු වරට 2017 විනිමය අනුපාත සටහන පසුගියදා (2දා) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ අතර එහිදී චීන යුවාන් 1 ක්‌ වෙනුවෙන් ගැනුම් මිල රු. 21.07 ක්‌ හා විකුණුම් මිල රු. 22.11 ක්‌ ලෙසින් සටහන් විය.

මේ දක්‌වා මහ බැංකු ප්‍රධාන විනිමය අනුපාත සටහනට ඇතුළත් වූ මුදල් ඒකක වන එක්‌සත් ජනපද ඩොලර්, එක්‌සත් රාජධානියේ පවුම්, යුරෝපා සංගමයේ යූරෝ, ස්‌විස්‌ටර්ලන්තයේ ෆ්‍රැන්ක්‌, කැනඩාවේ ඩොලර්, ඕස්‌ටේ්‍රලියාවේ ඩොලර්, සිංගප්පූරුවේ ඩොලර් සහ ජපානයේ යෙන් යන මුදල් ඒකක අටට අමතරව දැන් චීන මුදල් ඒකකයද ඇතුළත්ය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.