ඩෙංගු කළුබෝවිල රත් කරයි
සෞඛ්‍ය බලධාරීන්ට එරෙහිව
කළුබෝවිල රෝහලේ සේවකයෝ පාරට බහී


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් ඡායාරූප - ඥනතිස්‌ස ජයවර්ධන - බොරලැස්‌ගමුව

ඩෙංගු රෝගයෙන් කළුබෝවිල දකුණු කොළඹ ශික්‌ෂණ රෝහල් සේවක සේවිකාවන් තිදෙනකු මරුමුවට පත්වීම හා එහි තවත් රෝහල් සේවකයන් රැසක්‌ ඩෙංගු වැළඳී රෝහල්ගතවීම පිළිබඳ සෞඛ්‍යය අමාත්‍යංශ බලධාරීන්ගේ එතරම් අවධානයක්‌ යොමු නොවීම හේතුවෙන් එම රෝහල් සෞඛ්‍ය කාර්ය සහායක - සහායිකාවන් ඊයේ (11 වැනිදා) දහවල් එම රෝහල ඉදිරිපිට පැයකට ආසන්න කාලයක්‌ උද්ඝෝෂණයේ නියෑලුණහ.

මෙම උද්ඝෝෂණය සඳහා රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායක සහායිකාවන් පන්සීයකට ආසන්න පිරිසක්‌ එක්‌ව සිටියහ.

කළුබෝවිල දකුණු කොළඹ ශික්‌ෂණ රෝහලේ හෙද නිලධාරිනියක්‌, සෞඛ්‍ය කාර්ය සහායිකාවක්‌ මෙන්ම පෙරේදා දිනයේ එම රෝහල් සෞඛ්‍ය කාර්ය සහායකයෙක්‌ ඩෙංගු උණ රෝගයෙන් ජීවිතක්‌ෂයට පත්වූහ.

''මදුරුවා මෙම රෝහලේ සේවකයන් බිලිගැනීම වැඩි ඇයි?'' ''මැලේරියාව තුරන් කළ රට ඩෙංගු ගිලගනී'', ''දුම අපිට අවිශ්වාසයි'', ''වාට්‌ටු හවුස්‌ µqල් නව ගොඩනැඟිල්ල එම්ටි'' යන වැකි සහිත පුවරු අතැතිව රෝහල් සේවකයෝ විරෝධතාවයේ නිරතවූහ.

මෙහිදී මාධ්‍යයට අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා නිදහස්‌ සෞඛ්‍ය සේවා සංගමයේ කළුබෝවිල දකුණු කොළඹ ශික්‌ෂණ රෝහල් ශාඛාවේ ලේකම් එම්.පී.ජී. සමරසිංහ මහතා මෙසේ පැවැසීය.

''ඩෙංගු උණ රෝගයෙන් දැන් අපේ සහෝදර සේවකයෙක්‌ මිය ගිහින් තියෙනවා. මීට පෙරත් අපේ නර්ස්‌ කෙනෙකුයි, සහෝදර සේවිකාවකුයි මිය ගියා. තව අපේ සහෝදර සේවක සේවිකාවන් රැසක්‌ ඩෙංගු හැදිලා ඉන්නේ. මෙන්න මේ ගැන සෞඛ්‍යය ඇමැතිතුමාගේ හෝ සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය මෙතෙක්‌ හරි හැටි යොමු නොවීම නිසයි අද අපි පාරට බැස්‌සේ.

මෙම රෝහලේ සේවක උද්ඝෝෂණය හේතුවෙන් කළුබෝවිල මහ රෝහල ඉදිරිපිට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්‌ ද දැක්‌විය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.