මොරගහකන්ද ජලාශයට මංගල දියවර මුදාහැරීමේ උත්සවය
මගේ ජීවිතයේ වඩාත්ම සතුටුවන දිනය අදයි
රජරට ජනතාවගේ දුක්‌කම්කටොළු අදින් පසු නිමයි
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

කරුණාරත්න ගමගේ - රත්තොට රිචඩ් සිල්වා

රට දියුණු කළ යුත්තේ කෘෂිකර්මාන්තය තුළින් බවත් ඒ සඳහා ගොවීන්ට රජයෙන් සැපයෙන සියලු පහසුකම් තවදුරටත් පුළුල් කෙරෙන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

මොරගහකන්ද ජලාශයට මංගල දියවර මුදාහැරීමේ උත්සවයෙන් පසුව ඇලහැර මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති ජනහමුව අමතමින් ඊයේ (11 දා) ජනාධිපතිවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

අපේ රටේ ජාතික ආර්ථීකයේ තවත් වේගවත් පිම්මක්‌ ශක්‌තිමත් පදනමක්‌ ඇති කර ගනිමින් දශක කීපයක්‌ තිස්‌සේ කතා කළ පසුගිය වසර කීපය තුළ ඒ ස`දහා ක්‍රියාත්මකවී මොරගහකන්ද කළු ග`ග ජලාශයට ජලය එක්‌කිරීම ආරම්භ කරලා ඒ වගේම ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ කටයුතු සමඟ මේ රටේ කෘෂිකාර්මික ක්‌ෂේත්‍රයේ වාරිමාර්ග ක්‌ෂේත්‍රයේ ආර්ථීකය පිළිබ`දව නැවුම්බවකින් යුතු වඩා පිබිදීමක්‌ ඇති නව පුළුල් ජාතික සංවර්ධන යෝජනා ක්‍රමයක මංගල අවස්‌ථාවේදී තමුන්නාන්සේලා හමුවීමට ලැබීම පිළිබ`දව මා ඉතාමත් සතුටු වෙනවා.

අපේ නායක හාමුදුරුවනේ මගේ ජීවිතයේ ගොඩාක්‌ම සතුටුවෙන දවස අදයි. සමහරවිට කෙනෙක්‌ කියන්න පුළුවන් මම ජනාධිපති වූ දිනයේ නෙවෙයි ද මා වඩාත්ම සතුටු වුණේ කියලා. මම ජනාධිපති ධුරයට පත්වූ දවසේ මට සතුටට වඩා තිබුණේ මහා වගකීමක්‌ පිළිබ`දව ඇති වූ අදහස හා චින්තනය දෙස උපේක්‍ෂා සහගතව බලමින් මගේ වගකීම රට, මාතෘ භූමිය සහ ජනතාව වෙනුවෙන් ඉටුකිරීමේ උතුම් පරමාර්ථය පිළිබ`දව චින්තනයයි මගේ හිතට ආවේ.

අද දවස වෙනස්‌ දවසක්‌ යෑයි මා කිව්වේ අවුරුදු 50 ට ආසන්න කාලයක්‌ රජරට ජනතාවගේ දුක්‌කම්කටොළු පිසදමන්නට ආරම්භ කළ යෝධ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක්‌ පෙන්වන දවසක්‌ අද. මහවැලි සංවර්ධන සැලැස්‌මේ ඉතිහාසය ඔබ දන්නවා. අනුරාධපුරය නියෝජනය කළ මෛත්‍රීපාල සේනානායක මැතිතුමා පළවෙනි ශක්‍යතා අධ්‍යයනය කළා 1970 දශකයේ මුල් භාගයේදී. 80 දශකයේ අග භාගයේ ගාමිණි දිසානායක මැතිතුමා දෙවැනි ශක්‍යතා අධ්‍යයනය කළා මහවැලි සංවර්ධන මහ සැලැස්‌ම පිළිබ`දව. මම 1998 - 99 මහවැලි සංවර්ධන ඇමැතිවරයා විදියට තුන්වන ශක්‍යතා අධ්‍යයනය කළා මොරගහකන්ද කළු ග`ග ව්‍යාපෘති සම්බන්ධයෙන්. 2007 ජනවාරි මාසයේ 25 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සමඟ මේ ව්‍යාපෘතිය මුල්ගල තිsයලා ව්‍යාපෘතිය ආරම්භ කරන්න අපිට මුදල් ශත පහක්‌වත් තබුණේ නැහැ. මුල්ගල තැබීමත් සමඟ මම මුදල් සෙවීමට කඩිනම් වැඩපිළිවෙළවල් රාශියක්‌ කළත් ඒ ස`දහා මට අවස්‌ථාවක්‌ ලැබුණේ නැහැ කියා ඔබ දන්නවා. අවුරුදු පහක්‌ මේ ව්‍යාපෘති ප්‍රමාද වුණා. ඒ ප්‍රමාදය සමඟ අනුරාධපුර, පොළොන්නරු දිස්‌ත්‍රික්‌කවල මැති ඇමැතිවරු කෑගහන්න පටන් ගත්තා ජනතාවගේ නියෝජිතයින් විදියට මුල්ගල තියලත් ඇයි මුදල් දෙන්නේ නැත්තේ කියා. මම සොයාගත්තු මුදල්වත් ඒ කාලේ ආණ්‌ඩුව අනුමත කළේ නැහැ.

එදා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ලැබුණා නම්, 2013 දී අද කරපු වැඩේ කරන්න තිබුණා. ජනතාවගේ දුර්භාග තත්ත්වයන් පහවී ගොස්‌ අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වයඹ,කුරුණෑගල, පුත්තලම, මාතලේ දිස්‌ත්‍රික්‌කය මේ ප්‍රදේශ වල ජනතාවට කෘෂිකර්මාන්තය පානීයජලය ප්‍රශ්නය විස`දීමේ දීර්ඝ කාලීන බලාපොරොත්තුව ඉතාමත් සාර්ථකව ඉටුකරන අවස්‌ථාවක්‌. මේ රටේ වාරි ශිෂ්ටාචාරය පිළිබ`දව ඔබට අවබෝධයක්‌ තිබෙනවා. අනුරාධපුරයේ රජකම් කළ වසභ රජතුමා මේ රටේ වාරි ක්‌ෂේත්‍රයේ ආරම්භක නිර්මාතෘ විදියට ඉතිහාසයේ ස`දහන් වෙනවා. මේ ඇළහැර ව්‍යාපාරය අබන් ග`ග මුල් කරගෙන වසභ රජුගේ කාලයේ මුලින්ම ආරම්භ වූ ව්‍යාපාරයක්‌ විදියට ඉතිහාසයේ සටහන් වෙනවා. මහවැලි සංවර්ධන සැලැස්‌ම ආරම්භ කරලා කොත්මලේ, වික්‌ටෝරියා, රන්දෙණිගල. රන්ටැඹේ, මාදුරුඔය පංච මහා ජලාශ එදා මගේ මිත්‍ර ගාමිණි දිසානායක ඇමැතිතුමාගේ නායකත්වය තුළ ඡේ. ආර්. ජයවර්ධන රජය යටතේ ආරම්භ කොට එහි වැඩකටයුතු කළ අවස්‌ථාව ඔබේ මතකයේ තිබෙනවා. මාදුරුඔය ව්‍යාපාරයේ සංවර්ධන කටයුතු ආරම්භ කරන්න වේල්ල ඉදිකිරීමේ කටයුතු සමඟ මූලිකව සොරොව්ව ඉදිකිරීමේ කාර්යයේදී එදා පැමිණි කැනිඩියානු විදේශීය ඉංජිනේරුවරු සොරොව්ව ඉදිකරන ස්‌ථානය පිළිබ`දව තාක්‍ෂණික වශයෙන්, විද්‍යාත්මක වශයෙන් සිදුකළ පර්යේෂණ තුළ අවසානයේ චන්ද්‍රිකා තාක්‍ෂණයෙන් මූලික වශයෙන්ම සොරොව්ව ඉදිකිරීමේ ස්‌ථානය නව මාදුරුඔය ජලාශය දා කැනීඩියානු ඉංජිනේරුවරු සොයාගත්තා. කැනේඩියානු ඉංජිනේරුවරුන් මවිතයට පත්වුණා කැනේඩියානු ඉංජිනේරුවරු ආරම්භ කළ ස්‌ථානයේම කැනීම් කටයුතු කරන විට වසර සිය ගණනකට එහා අපේ සිංහල රජකාලේ සොරොව්ව එම ස්‌ථානයෙන් හමුවුණා. ඔබට අදත් එය දකින්නට පුළුවන් කෞතුක වස්‌තුවක්‌ විදියට. අපේ ශේ්‍රෂ්ඨ වාරී වාපී ශිෂ්ටාචාරයේ මහා නිර්මාණයක්‌ ලෙස අදත් එය ඉතා සුරක්‍ෂිතව ජනතාවට දැකබලා ගැනීමට තිබෙනවා.

ලෝක ඉතිහාසයේ වාරි ශිෂ්ටාචාරය පිළිබ`දව ගංගා නිම්න ශිෂ්ටාචාරය පිළිබ`දව මානව ශිෂ්ටාචාරයේ ඔබ දන්නවා මිනිසාගේ නැගී සිටීම, මිනිසාගේ ආර්ථිකය සහ ස්‌වයං පෝෂිතභාවය මිනිසාගේ ඉදිරි ගමන් මග ගංගා නිම්න ශිෂ්ටාචාරයත් සමඟයි ගොඩනැගෙන්නේ. මොහෙන්ජදාරෝ ශිෂ්ටාචාරය ලෝකයේ මුල් ශිෂ්ටාචාර වලින් වැදගත් ශිෂ්ටාචාරයක්‌ වනවා.

ලෝක ඉතිහාසයේ ආසියාකරයේ ගංගා නිම්න පිළිබ`දව ඉතිහාස කතාව ඔබ දන්නවා. අපේ රටේ ගංගාවන් පිළිබ`ද කතා කරන විට මහවැලි ගංගාව මූලික වශයෙන්ම මේ රටේ සංවර්ධනය පිළිබ`දව ඈත අතීතයේ සිටම මතක සටහන් රාශියක්‌ සමඟ මේ රට ආර්ථීක වශයෙන් පෝෂණය කිරීම ස`දහා මූලිකත්වය ගෙන ක්‍රියාකළ ප්‍රධාන ජල මාර්ගය බව අප දන්නවා. නව තාක්‍ෂණය අද කොතෙක්‌ දියුණු වූවත් අපේ ඉතිහාසය තුළ ලාංකීය ඉංජිනේරුවරු වසර දහස්‌ ගණනකට පෙර පෙන්වූ මහා දක්‍ෂතාවයන් අද තවමත් කෙනෙකුට පරාජය කිරීමේ හැකියාවක්‌ නැහැ. යෝධ ඇළ සැතපුමක දිග ප්‍රමාණය යනවිට එය අ`ගලක වෙනසක්‌ සමඟ ජල මට්‌ටම පිළිබ`ද ඔබ දන්නවා. එය නව ඉංජිනේරුවරුන්ට තේරුම් ගත නොහැකි මහා නිර්මාණයක්‌ ඔබ දන්නවා. අපේ ශේ්‍රෂ්ඨ ශිෂ්ටාචාරය සහ ඉතිහාසය සමඟ අභිමානවත් ශ්‍රී ලංකික වාරී ඉංජිනේරුවරුන්ගේ දක්‍ෂතාවය සහ සම්භාවනීයත්වය අපි සිහිපත් කරන්නට ඕන. වර්තමානයේ නව තාක්‍ෂණයත් සමඟ අපේ සියලු ඉංජිනේරුවරු, කාර්මික ශිල්පීන් ඇතුළු මේ ස`දහා කැපවෙන සෑම කෙනෙක්‌ටම මම රජය සහ ජනතාව වෙනුවෙන් විශේෂ ගෞරවයක්‌ පුදකරනවා. ප්‍රධාන ඉංජිනේරුවරයාගේ සිට අවසාන කම්කරුවා දක්‌වා කරන ලද ඔබේ බුද්ධියේ, දැනුමේ, පරිනතභාවයේ සහ නිර්මාණශීලීභාවය තුළ ඔබ පෙන්වන දක්‍ෂතා නිසයි ජනතාවට මෙවැනි යෝධ ව්‍යාපෘති අද පරිත්‍යාග කිරීමේ හැකියාව ලැබුණේ. මාතලේ දිස්‌ත්‍රික්‌කයේ ලග්ගල ප්‍රදේශය මේ ජලාශය නිසා යට වූ ප්‍රදේශ වල ජනතාවට මම මගේ ගෞරවය පුදකරනවා. ඔබ ඒ කැපවීම කළේ රටක්‌ වෙනුවෙන් ජනතාව වෙනුවෙන්. ඔබ ඒ කැපවීමේ කළේ මේ රටේ පුළුල් ජාතික ආර්ථීකයක්‌ ගොඩනැඟීමටයි.

දුමින්ද දිසානායක ඇමැතිතුමා ස`දහන් කළ පරිදි ඔබට ලැබුණු මුදල හෝ ලැබුණු ඉඩමට වඩා ඔබට වටිනාකමක්‌ තිබෙනවා. ඔබ මහා පිනක්‌ කරගෙන තිබෙනවා. මේ රටේ දුගී දුප්පත්භාවයෙන් රට නිදහස්‌ කර ගැනීම ස`දහා, ස්‌වයං පෝෂිත ආර්ථීකයක්‌ ගොඩනැගීම ස`දහා සමෘද්ධිමත් ආණ්‌ඩුවක්‌ ගොඩනැගිම ස`දහා ඔබ විසින් ඒ මහා කැපවීම කර තිබෙනවා. ඔවුන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් නිතැතින්ම මේ යෝධ සංවර්ධන වයාපෘතිය කළුග`ග, මොරගහකන්ද, ඉහළ ඇළහැර, පහළ මල්වතු ඔය, වයඹ ඇළ මාර්ගය මේ සියල්ල අවසන් වන විට රුපියල් කෝටි විසිදාහ ඉක්‌මවනවා. මේ සියල්ල තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ ආර්ථීකය පිළිබ`දව අපි කවුරුත් පෙර රජදවස තිබූ මහා ස්‌වයං පෝෂිත සමෘද්ධිමත් රටක්‌ ගොඩනගා ගැනිමයි. අපිට ස්‌වාභාවික වශයෙන් ආශිර්වාදය තිබෙනවා වගේම ඇතැම් වේලාවට හාමුදුරුවනේ ස්‌වභාවධර්මයා තුළ අපි අවහිරතාවයට පසුබෑමට ලක්‌වන අවස්‌ථාවන් තිබෙනවා. ඔබ සෑම කෙනෙක්‌ම දන්නවා අපි රටක්‌ විදියට මහා නිය`ගයකට මුහුණදී තිබෙන බව. මේ වගේ නිය`ගයක්‌ 2013 දී ආවා. එවකට හිටපු ජනාධිපතිතුමා සමඟ මම අනුරාධපුර, පොළොන්නරු දිස්‌ත්‍රික්‌කයේ ගමක්‌ ගානේ ගොස්‌ ජනතාව හමුවී නිය`ග වලින් සහන සැලසීම පිළිබ`ද වැඩපිළිවෙළක්‌ ගොවිජනතාව සමඟ සාකච්ඡා කරලා නියඟ වලින් සහන සැලසීම පිළිබ`දව ගොවි ජනතාව එක්‌ක සාකච්ඡා කරලා ඒ වෙලාවේ දෙන්න පුළුවන් යම් යම් සහන දුන්නා. අද කාලගුණික හා දේශගුණික තත්ත්වයන් මත ඉතාමත් බරපතළ නියඟ තත්ත්වයක්‌ වාර්තා වෙනවා. අපි මෙයට මුහුණ දිය යුතුයි. අපි හාල් පිටරටින් ගෙන්වන විට එයට අපහාස උපහාස කරලා තිබෙනවා අපි දැක්‌කා.

ස්‌වභාව ධර්මයෙන් මේ ඇතිවූ නියන් සහගත තත්ත්වය හේතුවෙන් මිනිසුන් බඩගින්නේ තබන්න අපි සූදානම් නැහැ. අද සහල් මිල ඉහළ ගිහින් තිබෙනවා. මේ සියලු තත්ත්වයන් එක්‌ක රජය තීරණය කළා හැකිතරම් ඉක්‌මනින් පිටරටින් සහල් ගෙනල්ලා දෙන්න. ඉදිරි සති දෙකක්‌ වැනි කාලයක පිටරටින් ගේන සහල් ටික වෙළෝදපොළට ගේන්න වෙනවා සහල් මිල අඩුකරලා ජනතාවට පරිභෝජනය ස`දහා.

ඒ වගේම නියං තත්ත්වය නිසා ජනතාවට දිය යුතු සහන, සුබසාධන කටයුතු ස`දහා රජය මේ වනවිට අමාත්‍ය මණ්‌ඩල අනු කමිටුවක්‌ පත්කරලා ඉතාමත් පුළුල් වැඩපිළිවෙළක්‌ කර තිබෙනවා. කෘෂිකර්ම ඇමැතිතුමා, වාරිමාර්ග ඇමැතිතුමා ඇතුළු අපි සියලු දෙනා වගකීම ගෙන නියඟයෙන් පීඩාවට පත්වන ජනතාවගේ සුබසාධන කටයුතු ස`දහා අවශ්‍ය වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා.

මෙවැනි අවස්‌ථාවක ඇතැම් අය ගණන් හදනවා මේ මාස්‌ කන්න නැතිවුණාම ලබන යලත් එක්‌ක වසරක්‌ම අපිට වතුර නැතිවෙයි කියලා. නමුත් අපි සැලසුම් දෙකක්‌ හදා තිබෙනවා. මාස හයක වැඩපිළිවෙලක්‌ සකස්‌කර තිබෙනවා. ඒ මාස හයේදී අපි කොහොමද නියඟයට ලක්‌වෙලා තිබෙන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සම්බන්ධයෙන්. අපේ අනෙක්‌ සැලැස්‌ම වන්නේ වසරක කාලයක්‌ නියඟය පැවතුන හොත් අපි කොහොමද ඊට මුහුණ දෙන්නේ කියන කාරණාව.

ඉදිරි කාලගුණ දේශගුණික තත්ත්වය පිළිබ`දව චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්‌සේ සහ ජාත්‍යන්තර වාර්තාත් සමඟ මේ වර්ෂාව මෙසේ වසරක්‌ම නොලැබී තිබේ යෑයි කියන නිගමනයට යන්න පුළුවන්කමක්‌ නැහැ. මහ වැසි ඇද හැලෙන්න ඉඩකඩ තියෙනවා. ඒ විසා අසුබවාදී ලෙස ඉදිරි වසර පිළිබ`දව සිතන්න හො`ද නැහැ. සූදානම් විය යුත්තේ මාස කිහිපය තත්ත්වයටයි. මාර්තු අප්‍රේල් වනවිට මහ වැසි වැටෙන්න පුළුවන්.

මේ මොරගහකන්ද කළුග`ග සංවර්ධන යෝජනා ක්‍රමය තුළ ඉහළ ඇළ හැර ව්‍යාපාරයේ කටයුතුයි පටන් ගත්තේ. එයට සෑම කෙනෙකුගේම සහය අවශ්‍යයි. මේ ව්‍යපාරය තුල ඔබ දන්නවා නැවත පදිංචිකිරීම් වලදී මාතලේ දිස්‌ත්‍රික්‌කයේ ජනතාවට මම 2007- 2008 යෝජනා කළේ කැමති නම් මාතලේ දිස්‌ත්‍රික්‌කය නැත්නම් පොලොන්නරු දිස්‌ත්‍රික්‌කය. එ අය පැවසුවේ අපි මාතලේම ඉන්නම් කියලා. ඒ කාලෙමයි අපි අවශ්‍ය තීන්දු තීරණ ගත්තේ. අද නැවත පදිංචිකිරීම් පවුල් වල 3000 ක්‌ ගැන කතා කරනවා. නමුත් මේ වැඩේ 2007 ආරම්භ කරන විට පවුල් 1900 ගණනයි සිටියේ. මම ඒ පවුල් 1900 ගාණෙම ගෙන් ගෙට ගිය කෙනෙක්‌. මම දන්නෑ තමුන්නාන්සේලාට මතකද කියලා. ජනතාව මුණගැසිලා, රැස්‌වීම් තියලා අපි කතා කළා.

එසේම මේ ව්‍යපෘතිය තුළ තිබෙන ප්‍රධාන වෙනසක්‌ කියන්නට ඕනැ. කඩිනම් සංවර්ධන වැඩපිsලිවෙලේ මූලික පියවර සහ අද මේ ව්‍යාපෘතිය ගත්විට අද අපි කරන මේ සියලු කාර්යයන් තිරසර සංවර්ධන ප්‍රතිපත්තිය තුළයි කරන්නේ. ස්‌වාභාවික සම්පත් ආරක්‍ෂා කරගෙන. ස්‌වාභාවික සම්පත් වලට වැඩි වටිනාමක්‌ දීලයි අපි සංවර්ධන කටයුතු කරන්නේ. මේ සංවර්ධන සැලැස්‌මේ මුල් ආරම්භය වනවිට කොත්මලේ, වික්‌ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ, මාදුරුඔය ව්‍යාපාර ආරම්භ කරන කාලයේ සමාවෙන්න ඕනෑ මෙහෙම කියනවට ඔය තිරසර සංවර්ධන කියන වචනෙත් නෑ ඒ කාලේ. ගෙවී ගිය දශක දෙකක වගේ කාලය තුළ තමයි තිරසර සංවර්ධන තාක්‍ෂණික හා විද්‍යාත්මික ඇගයීම්, අධ්‍යයනයන් මෙන්ම වටිනාකම් මේ විෂය ක්‌ෂේත්‍රයේ මේ පථයට එක්‌වුනේ. ඒක නිසා මේ මොරගහ කන්ද කළුග`ග ව්‍යාපෘතිය කරන සෑම කටයුත්තකම තිරසර සංවර්ධන ප්‍රතිපත්තිය තුළයි අපි කටයුතු කරන්නේ.

මේ ව්‍යාපෘති කරනකොට ව්‍යාපෘති අධ්‍යක්‍ෂවරුන්, ඉංජිනේරුවරුන් ආදී සියලුදෙනා පාරිසරික සංරක්‍ෂණ කටයුතු වලට මූලිකත්වය දී තිබෙනවා. 2007 ජනවාරි 25 දින මම හිටපු ජනාධිපතිතුමත් එක්‌ක මුල්ගල තියලා පසුව මාතලේ නාවුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්‌වෙලා වනජීවී, වන සංරක්‍ෂණ, පරිසර, පුරාවිද්‍යා මේ සියලු ආයතන ගෙනල්ලා අපි කාර්ය සාධන බළකායක්‌ හැදුවා. එය අඛණ්‌ඩව ක්‍රියාත්මක කළ යුතු ආයතනයක්‌ විදියට.

මා ජනවාරි 02 දා රටට පැහැදිළි කළා තිරසර සංවර්ධන ජාතික ප්‍රතිපත්තිය සහ සැලැස්‌ම ඇගයීමටකට ලක්‌ කරමින් මේ රටේ ඉදිරි අනාගතය ආර්ථීක වශයෙන් ස්‌වයංපෝෂිත කිරීමේ හැකියාව උදා වෙනවා. ජනවාරි 08 වැනිදා දෙවැනි සංවත්සර උළෙලේදී දුගී බවින් නිදහස්‌ වීමේ ජාතික වැඩපිළිවෙළ ප්‍රකාශයට පත්කළා. එම අවස්‌ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එක්‌වී සිටියා. එසේම මීට දින කිහිපයකට පෙර රාජ්‍ය ආයතන ගොඩනැඟිලි හරිත සංකල්පය යටතේ ඉදිකිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය පැහැදිලි කළා. මේ මුල් මාසය තුළ මූලික සැලසුම් සහ ප්‍රතිපත්ති රටට ඉදිරිපත් කළා.

තිරසර සංවර්ධන ජාතික ප්‍රතිපත්තිය, දුගී බවින් නිදහස්‌ වීමේ ජාතික වැඩපිළිවෙළ, හරිත සංකල්පය තුළ රටේ භෞතික සම්පත් සංවර්ධනය සහ අනෙකුත් කාර්යයන් ඉටුකිරීම ආදිය ස`දහා සියලු දෙනා එකට එකතු විය යුතුයි. සමහර වෙලාවට රජයේ කටයුතු පිළිබඳ නොයෙක්‌ අසුබවාදී විවේචන කරන අය ඉන්නවා. මේ රටේ ආර්ථීක අර්බුදයක්‌, ප්‍රශ්නයක්‌ තිබෙනවා නම් එය ඇති වුණේ අප බලයට පැමිණියාට පසුව නොවන බව මම පැහැදිලිව කිව යුතුයි. එය සිදුවුයේ පසුගිය ආණ්‌ඩු සමයේ ලබා ගත් මහා පරිමාණ ණය නිසයි. නමුත් අප අද එම ණය ගෙවීමේ ගැටලුවට සාර්ථකව මුහුණ දෙමින් සිටිනවා. ඒ නිසා මොන විදිහේ අපහාස නින්දා පැමිණියද අප භාර ගත් වගකීම මාතෘභූමිය ගොඩනැගීමේ භාරදූර වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට මා කැප වෙනවා. අපේ ප්‍රතිපත්තිය තුළ මූලික වශයෙන් දුගී බවින් මේ රට මුදා ගැනීමට අරමුණු කර තිබෙනවා. අද වන විට ගොවියාට මොනතරම් අමාරුකම්වලට මුහුණ දෙනාවදැයි හොඳාකාරව මා දන්නවා. මේ රටේ දුගී බව ගැන කතා කිරීමේදී විශේෂයෙන් සමෘද්ධි ව්‍යාපාරය ගැන කතා කිරීමේදී එක්‌ පැත්තකින් අඩු ආදායම්ලාභී පවුල් සිටිනවා. ඒ වගේම සමෘද්ධි ව්‍යාපාරයට ඇතුළත් නොවු ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක්‌ සිටිනවා.

පෞද්ගලික අංශය දෙස සලකා බලද්දී එහි සේවය කරන සුළු සේවකයන් ඉතා අඩු ආදායමක්‌ උපයනවා. ඒ නිසා ඔවුන්ට ඉතා බරපතල ආර්ථීක ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුව තිබෙනවා. රාජ්‍ය සේවයේ පහළ ශේ්‍රණිවල සිටින සේවකයන්ට දැඩි ආර්ථීක අපහසුතාවලට මුහුණ දෙනවා. ඒ වගේම මේ රටේ ගොවි ජනතාව වරින් වර ඇතිවන ප්‍රශ්න සමඟ සැපවත් ජීවිත ගත කරන්නේ නැහැ. මේරටට බත සපයන ගොවි ජනතාවගේ දුක්‌ කඳුළු මතයි ඔවුන් සිය නිෂ්පාදන කටයුතු සිදු කරනවා.

මේ රටේ ගොවියා මුළු ජීවිත කාලයම දුක්‌ විඳිනවා. ඔවුන් මේ ලෙස කැප කරන්නේ මේ රටේ අනාගතය සඳහායි. ඔවුන් රටේ ජනතාව බඩ ගින්නේ නොතබමින් කැපවීම් කරනවා. ඒ නිසා මෙවැනි යෝධ ව්‍යාපෘති තුළින් ඔවුන්ගේ දුක්‌ සුසුම් නිවෙනවා. ආර්ථීකයට මහා ශක්‌තියක්‌ ලැබෙනවා. මේ රටේ ආර්ථීක ශක්‌තිමත් කිරීමේ මුලික වැඩපිළිවෙළ වශයෙන් කෘෂිකර්මාන්තය ශක්‌තිමත් කළ යුතුයි. අප රටේ ඈත අතීතයේදී ස්‌වයං පෝෂිත ආර්ථීකයක්‌ පැවැතුණා. එයට මූලික වුණේ කෘෂිකර්මාන්තයයි. රට දියුණු කළ යුත්තේ කෘෂිකර්මාන්තය ශක්‌තිමත් කිරිම තුළිනුයි. එහිදී ගොවියාගේ සුබසාධන කටයුතු සියල්ල ලබා දිය යුතුයි. ගොවියාට අවශ්‍ය ජලය ඔවුන්ට අවශ්‍ය පොහොර, වෙළෙඳපොළක්‌ සකස්‌ කිරීමට පියවර ගත යුතුයි. නමුත් මේ රටේ ආණ්‌ඩු කීයක්‌ පැමිණිය ද ඒ වැඩසටහන් නිසි ලෙස ක්‍රියාත්මක වී නැහැ. ඒ නිසා පුළුල් ලෙස එය කරන්න කැප වෙනවා.

චීනයේ කියමනක්‌ තිබෙනවා චීනයේ ගොවීන් කියනවලු Ñකවුරු රට පාලනය කළ ද අපිට කම් නැත. අපිට අවශ්‍ය ඉඩම සහ ජලය ලැබෙනවා නම් කියලා. එය තමයි ගොවියාගේ සංකල්පය. ගොවියාට මහ පොළොව කරදරයක්‌ නැතිව තියෙනවා නම් වතුර ටික කලට වේලාවට ලැබෙනවා නම් අසවැන්න අලෙවි කර ගන්න වෙළෙඳපොළක්‌ තියෙනවා නම් ඒක තමයි ගොවියා බලාපොරොත්තු වෙන්නේ. ගොවි ජනතාව කාරුණික පිරිසක්‌, අවිහිංසාවාදී පිරිසක්‌. ඔවුන්ට තිබෙන්නේ සුන්දර ලෝකයක්‌ මිස මහා ලෝකයක්‌ නෙවෙයි.

රජයක්‌ ලෙස රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ ගොවියාගේ කටයුතු ඉටු කිරීමට කැප වෙනවා. මගේ ජීවිත කාලය තුළ අද දිනය වඩාත්ම සතුටු වෙන දිනයයි. රජරට අනුරාධපුර පොළොන්නරු. පුත්තලම, ත්‍රිකුණාමලය, මාතලේ ආදී දිස්‌ත්‍රික්‌ක වල ජනතාව මුහුණ දෙන මූලික ප්‍රශ්න විසඳීමට මේ ව්‍යාපෘතිය තුළින් හැකි වෙනවා. ඒ නිසා මේ රට ආර්ථීක වශයෙන් සමෘද්ධිමත් රටක්‌ වේවා.

දේවෝ වස්‌සතු කාලේන - සබ්බ සම්පත්ති හේතුච

පීතෝ භවතු ලෝකෝච - රාජා භවතු ධම්මිකෝ....

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.