ඌව පළාත් සභාවේ තනතුරු නාම
වෙනස්‌ කිරීම ඒකමතිකව සම්මතයි


බදුල්ල - එස්‌. රත්නායක,

හාලිඇළ - ජයසේකර වීරසිංහ බෝගොඩ - රත්නායක

ඌව පළාත් සභාවේ මෙතෙක්‌ පවත්වාගෙන ගිය නිල තනතුරු ඒ ඒ තනතුරු නාමයෙන්ම තවදුරටත් පැවතීම ගෞරවයට, හානියක්‌ වන බැවින් පළාත් සභා සභාපතිවරුන්ගේ සම්මේලනය ගත් තීරණයක්‌ පරිදි වෙනස්‌ කිරීමට ඌව පළාත් සභාවේ සභානායක සහ පළාත් සභා මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා විසින් ගෙන එන ලද යෝජනාවක්‌ ඒකමතිකව සභා සම්මත විය.

පළාත් සභාවල සභාපතිවරුන් පළාත් කථානායක ලෙසද, පළාත් සභා නියෝජ්‍ය සභාපතිවරුන් පළාත් නියෝජ්‍ය කථානායක ලෙසද, පළාත් සභා විපක්‍ෂ නායකවරුන් පළාත් විපක්‍ෂ නායකවරු ලෙසද පළාත් සභා සභා නායකවරුන් පළාත් සභා නායකවරු ලෙසද පළාත් සභා ආණ්‌ඩු පක්‍ෂ සංවිධායකවරුන් පළාත් ආණ්‌ඩුපක්‍ෂ සංවිධායකවරු ලෙසද පළාත් සභා විපක්‍ෂ සංවිධායකවරුන් පළාත් විපක්‍ෂ සංවිධායකවරුන් ලෙසද වෙනස්‌ කළ යුතු බව තීරණය කරන ලදී.

මේ සඳහා නිල නාමයක්‌ වෙනස්‌ කිරීම සඳහා ඉල්ලීම් ජනාධිපති තුමන්ටත් අගමැතිතුමන්ටත් පළාත් සභා විෂය භාර අමාත්‍ය තුමන්ටත් යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝන කමිටුවටත් ඉල්ලා ලිපි යෑවිය යුතු බව තීරණය කරන ලදී. මෙම නිල නාමයන් වෙනස්‌ කිරීම සඳහා දැනටමත් දකුණු පළාත් සභාවේ සහ උතුරු මැද පළාත් සභාවේ එකඟතාව ලබා ගෙන ඇත්තේ යෑයි දැනගන්නට ලැබී ඇති බව ඌව පළාත් සභාවේ සභානායක මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.