කොහිල විකුණන ගමන් හොර නෝට්‌ටුත් ගහලා
රු. 5000 නෝට්‌ටුවක්‌ සමඟ සැකකරුවෝ වඳුරඹදී දැලේ


ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි, ලලිත් චාමින්ද, අහංම සුගතපාල දීයගහගේ. හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල්

වැලිගම කනංකේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් නෝට්‌ටු නිෂ්පාදනය කිරීමේ මුද්‍රණාලයක්‌ වැටලූ වඳුරඹ පොලිසිය ව්‍යාජ මුදල් නෝට්‌ටු මුද්‍රණ උපකරණද සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඉකුත් 10 දා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉමදූව කනංකේ පදිංචි විසි දෙහැවිරිදි තරුණයකු සහ කරන්දෙණියේ පදිංචි ඔහුගේ මස්‌සිනා වන තිස්‌පස්‌ හැවිරිදි පුද්ගලයෙකි.

මොවුන් දෙදෙනා වඳුරඹ නගරයේ වෙළෙඳ සැලකට පැමිණ භාණ්‌ඩ මිලදී ගෙන රුපියල් පන්දහසක නෝට්‌ටුවක්‌ වෙළෙඳ සැලකට දී ඇත. නමුත් වෙළෙඳසැලේ සිටි කාන්තාව රුපියල් පන්දහසක්‌ මාරු කිරීමට නොමැති බව පවසා ඇත.

එහෙත් එම නෝට්‌ටුව ව්‍යාජ එකක්‌ බවට සැකකළ එම කාන්තාව සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථයේ අංකයද සමඟ පොලිසියට දුරකථනයෙන් දැනුම් දී ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය මාර්ග බාධක යොදා ඉඳුරුපත්විල ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනා සමඟ ත්‍රිරෝද රථය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සන්තකයේ තිබූ රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්‌ටු හතරක්‌ද රුපියල් දහසේ නෝට්‌ටුවක්‌ද මෙහිදී සොයාගනු ලැබීය.

පසුව සැකකරුවන්ගෙන්a කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලදී කනංකේ ප්‍රදේශයේ එක්‌ සැකරකරුවකුගේ නිවසේ තිබී මෙම ව්‍යාජ මුදල් නෝට්‌ටු හතරක්‌ද රුපියල් දහසේ නෝට්‌ටුවක්‌ද මෙහිදී සොයාගනු ලැබීය.

පසුව සැකකරුවන්ගෙන් කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලදී කනංකේ ප්‍රදේශයේ එක්‌ සැකකරුවකුගේ නිවසේ තිබී මෙම මුදල් මුද්‍රණය කිරීමට යොදාගත් පරිගණකයක්‌, මුද්‍රණ යන්ත්‍රයක්‌ ව්‍යාජ මුදල් නිපදවීමට යොදාගත් කඩදාසිද සොයාගෙන ඇත.

පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවණය වී ඇත්තේ සැකකරුවන් දෙදෙනා කොහිල කපා අලෙවි කිරීමේ ව්‍යාපාරයක්‌ කරගෙන යන අතරතුර මෙම ව්‍යාජ මුදල් නිපදවනු ලැබ ඇති බවයි. ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි චන්දන ගලප්පත්ති මහතාගේ මෙහෙවීමෙන් වඳුරඹ පොලිස්‌ ස්‌ථානාධිපති පී. එල්. කිර්තිසිංහ, උප පොලිස්‌ පරීක්‍ෂකවරුන් වන යූ. ජී. අබේරත්න, ජගත් සිරිවර්ධන, පො. කො. (37049) අජිත් ඇතුලු නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබුණි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.