මොනරාගල - නුවර ලංගම බස්‌රථය
පෞද්ගලික බස්‌ හිමියන්ගේ විරෝධය මත නවතී

ඩිපෝ කළමනාකරුට තර්ජනය කළේ නෑ
ඌව පළාත් ප්‍රවාහන ඇමැති සාලිය සුමේධ


ලංගම සහ පෞද්ගලික බස්‌ රථවල පෝස්‌ටර් ප්‍රදර්ශනය කර තිබු අයුරු

මොනරාගල - නයන ඉහලගෙදර

මොනරාගල ඩිපෝව මගින් ප.ව. 4.55 මොනරාගල සිට නුවර දක්‌වා ධාවනය කිරීමට ආරම්භ කර තිබූ ලංගම බස්‌ රථය මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ විරෝධය නිසා ඊයේ (10 දා) බිබිල දක්‌වා ධාවනය කිරීමට සිදු විය.

මොනරාගල සිට බිබිල දක්‌වා බස්‌ රථයක්‌ ධාවනය කර බිබිලේ සිට වෙනත් බස්‌ රථයක්‌ නුවර දක්‌වා ධාවනය කළ බව අප කළ වීමසීමකදී පොලිසිය පැවසීය.

මොනරාගල පෞද්ගලික බස්‌ සේවකයන් හා ලංගම සේවකයන් අතර ගැටුමක්‌ ඇතිවුවහොත් පාලනය කිරීම සඳහා පොලිස්‌ නිලධාරීන් විශාල සංඛ්‍යාවක්‌ aසේවයේ යොදවා තිබුණි.

මීට සමගාමීව ලංගම බස්‌ රථවල ඌව පළාත් ප්‍රවාහන ඇමැති සාලිය සුමේධ මහතාට විරුද්ධ පෝස්‌ටර් ප්‍රදර්ශනය කර තිබූ අතර පෞද්ගලික බස්‌ රථවල ඇමැතිවරයාට ප්‍රශංසා කරමින් පෝස්‌ටර් ප්‍රදර්ශනය කර තිබිණි.

මෙම සිද්ධියට සමගාමීව ඊයේ (10 දා) කෑම පැයේදී මොනරාගල ඩිපෝවේ සේවක සේවිකාවන් ඌව පළාත් ප්‍රවාහන ඇමැතිවරයාට එරෙහිව විරෝධතාවක්‌ ද පැවැත්විය. මේ සම්බන්ධව ඌව පළාත් ප්‍රවාහන ඇමැති සාලිය සුමේධ සිල්වා මහතා පැවසුවේ තමා ඩිපෝ කළමනාකරුට තර්ජනය නොකළ බවත් මෙම ගැටලුව විසඳා දෙන තෙක්‌ දින 02 ක්‌ කල් ඉල්ලූ බවයි. ප්‍රශ්න විස¹ ගැනීමට ට ගැටලු ඇති නොකර ගන්නා ලෙසත්, මේ ගැටලුව විස¹ ගැනීම සඳහා වන විටත් අධිකරණයේ පිහිට පතා ඇති බවත් මේ වෙන විටත් ව්‍යවස්‌ථාවෙන් පළාත් කාල සටහන් සකස්‌ කිරීම හා පළාත් තුළ හා අන්තර් පළාත් තුළ මගීන් හා භාණ්‌ඩ ප්‍රවාහන බලය තිබෙන්නේ පළාත් ප්‍රවාහන අමාත්‍යාංශයට බවයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.