හොරණ - හඳපාන්ගොඩ "සිසු සැරිය"
නැවැත්වීමෙන් පාසල් දරුවන්ට දුෂ්කරතා


හඳපාන්ගොඩ - රජිත ප්‍රනාන්දු

හොරණ - හඳපාන්ගොඩ සිසු සැරිය බස්‌ රථය මාසයකට අධික කාලයක්‌ තිස්‌සේ නවතා දමා ඇති නිසා පාසැල් දරු දැරියෝ දැඩි ලෙස අපහසුතාවට පත්ව සිටිති.

හොරණ තක්‍ෂිලා, ශ්‍රීපාලි, සහ හොරණ රාජකීය, බාළිකා, විද්‍යාරතන යන පාසල්වල ඉගෙනුම ලබන දරු දැරියන්ට හඳපාන්ගොඩ හොරණ හරහා ගමන් කරන මෙම බස්‌රථය විශාල පහසුවක්‌ විය. එහෙත් කිසිදු හේතුවක්‌ නොදන්වා මෙම බස්‌ රථය මාසයකට අධික කාලයක්‌ තිස්‌සේ ධාවනය නොකිරීම පිළිබඳ සොයා බලා යළි එම බස්‌ රථය තමන්ට ලබා දෙන ලෙස පාසල් දරුවෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.