කහකුරුල්ලන් පැලැස්‌සේ
ගංජා හේනෙන් අයෙක්‌ දැලේ


මොනරාගල - නයන ඉහළගෙදර

හම්බේගමුව පොලිස්‌ බල ප්‍රදේශයට අයත් කහකුරුල්ලන් පැලැස්‌ස දරගොඩ යාය ප්‍රදේශයේ අක්‌කර කාලක වගා කර තිබූ ගංජා හේනක්‌ වටලා එක්‌ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පෙරේදා (10 දා) මොනරාගල කොට්‌ඨාස දූෂණ මර්දන ඒකකයේ පොලිස්‌ නිලධාරීහු සමත්වූහ.

අත්අඩංගුවට ගත් සැකකරු අරබේකෙම කහකුරුල්ලන් පැලැස්‌ස ලිපිනයේ පදිංචි වයස අවුරුදු 48 ක පුද්ගලයෙකි.

සැකකරු හා ගංජා වැඩිදුර පරීක්‍ෂණය සඳහා හම්බෙගමුව පොලිසියට භාරදී ඇති අතර ඊයේ (11 දා) වැල්ලවාය මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. අත්අඩංගුවට ගත් ගංජාවල වටිනාකම රුපියල් ලක්‍ෂ 10 ඉක්‌මවයි.

මෙම වැටලීම සිදුකර ඇත්තේ මොනරාගල කොට්‌ඨාසභාර පොලිස්‌ අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස්‌ පරිදි මොනරාගල කොට්‌ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්‌ථානාධිපති පො. ප. චන්දන මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසිනි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.