ලසිත්ගේ ප්‍රහාරයෙන්
මාරිස්‌ටෙලාට විශිෂ්ට ජයක්‌


ලසිත් කෘස්‌පුල්ලේගේ විශිෂ්ට පිති ප්‍රහාරය හේතුවෙන් වයස අවුරුදු 19 න් පහළ අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට්‌ තරගාවලියේ බණ්‌ඩාරනායක විදුහල සමග පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 79 ක ජයක්‌ වාර්තාකර ගැනීමට මීගමුව මාරිස්‌ටෙලා විදුහල් කණ්‌ඩායම සමත් විය.

මාරිස්‌ටෙලා පිලේ ජයග්‍රහණය පහසුකළ ලසිත් කෘස්‌පුල්ලේ ලකුණු 151 ක්‌ රැස්‌කර ගත්තේය. පන්දු 168 කදී වාර්තා වූ අදාළ ලකුණු සංඛ්‍යාව සඳහා හයේ පහර දෙකක්‌ සහ හතරේ පහර 19 ක්‌ අන්තර්ගතව තිබුණි.

ඊට අමතරව පසිඳු උස්‌හෙට්‌ටි බණ්‌ඩාරනායක විදුහලේ කඩුලු 5 ක්‌ ලකුණු 39 ක්‌ තුළ බිඳ හෙළුවේය.

ලකුණු සටහන

බණ්‌ඩාරනායක විදුහල් පළමු ඉනිම 134 යි සහ දෙවැනි ඉනිම පන්දුවාර 35.5 ක්‌ අවසානයේ සියල්ල දැවී ලකුණු 105 යි. (පසිඳු බණ්‌ඩාර 20, ශෙහාන් මධුසංඛ 16, මාධව තත්සර 15, පසිඳු උස්‌හෙට්‌ටි 5/39, රවිඳු ප්‍රනාන්දු 2/39)

මාරිස්‌ටෙලා විදුහල් පළමු ඉනිම පන්දුවාර 62 කදී කඩුලු 6 ක්‌ දැවී ලකුණු 318 යි. (ලසිත් කෘස්‌පුල්ලේ 151, දුෂාන් ගුරුගේ (නොදැවී) 67, නවීන් ප්‍රනාන්දු (නොදැවී) 26, චතුර අනුරාධ 25, අශාන් ප්‍රනාන්දු 22, ඉමන්ත හංසන 2/96, සචින්ත තිමාල් 2/40)


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.